Thursday, February 20, 2014

දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා


සීත මීදුම කොහොමවත් නැති කොළඹ කොටුවේ ඔහෙ තනිවෙලා
පාට දන්නැති සිහින් සිරුරැති දෙකක් ළඟ මගෙ ඇස් කොටුකලා
කාගෙ කාගෙත් හඳිස්සියෙ යන ගමන් මළු ඔරවන් ගස්සලා
හිරිවැටී ගිය නිසා සියොළඟ නොකියාම නැවතුම සන්කලා

ඇඟේ උණුසුම එකට පොදියේ විඳින සැමියද ගුලිවෙල
හිතේ හැටියට සිහින මන්දිරෙ හිඳී ඉරියව් ගලපලා
හුස්ම ගන්නැති අත්වාරුවක් අසල බිත්තියෙ නවතලා
තරුණකම් අඩු මේ යුවල ළඟ පූස් පැටියෙක් හිරවෙලා

සේද සළු සුව යහන් මැද්දෙදි දැනෙන පුසුඹම එහි රදවලා
මැසි මදුරුවන් ගී ගයා නලවති කිරි සුවඳෙ ඉව විමසලා
යෝධයන් වැනි පවුරු බැඳගෙන වැලි කොට්ට ඉඟසුඟ හප්පලා
බේබිලා යන එන වාහනේ ජය සිව්කොනේ නද පතුරලා

ෂොපින් මල්ලක තේ කහට බිඳ දිව ඔසුව සේ සමවෙලා
සිනහ අහුලති හදවතින් එන හැඟුම් ඇතුළෙම හිරවෙලා
දවල් තරුවක් උරහිසක නරුමයෙක් දුවවිත් ගොරවලා
"තවත් වද දෙන්නැතිව යනවද" කිවුවෙ මව්ගුණ ගළපලා

අසිරිමත් රට දෙව්ලොවින් බට සුරඟනන් හැඩවැඩ කළා
පිළියමක් ඇති එතනෝල් ළග සූ සැටින් සංග්‍රහ බලා
පඩුපුලක් ඇත රස්නයක් නැති තෙත් හදක් යැයි පවසලා
දිය බිඳක් නැති ළපටි ගහකොළ කොච්චරක් ඇත මැළවිලා

16 comments:

  1. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    Commnet eka puluvnm makanna epa

    ReplyDelete
    Replies
    1. ඇවිත් යන්න බලන්නම්කො...මම ඉතින් කොහේ හරි පරිස්සම්වෙන්න කවිය බ්ලොග් එකේ දානව මිසක් එතනින් එහාට කිසිවක් හිතන්නෙ නැති කෙනෙක්. :-)

      Delete
  2. හැමදාම වගේ සංවේදි තැන් තමා ඔබ ස්පර්ශ කරන්නේ.. තැන්කුයි..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තැන්කිවු දේශකයො ඇවිත් කවි රස විඳල ගියාට හැමදාම වගේ...

      Delete
  3. පාට දන්නැති සිහින් සිරුරැති දෙකක් ළඟ මගෙ ඇස් කොටුකලා

    මේ කියන්නෙ මොන ජාතියෙ දෙකක්ද කියලා මට හිතාගන්න බැහැ නෙව. සමහර විට මගේ කවිකාර හැකියාව අඩු නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අමිල කවියක් මං නිරුවත් කරන්නෙ නැහැ. කැමති විදහට රස විඳින්නට ඉඩ හරිනව. ඔයාම හිතල බලන්න පාට දන්නෙ නැති සිහින් සිරුරු දෙකක් ගාව මගේ ඇස් නැවතුණා කිවුවම මොකක්ද අදහස් වෙන්නෙ කියලා.

      ස්තුතියි අමිල ඇවිත් ගියාට මේ පැත්තෙ

      Delete
  4. හැමදාමත් වගේ ලස්සනයි අක්කේ..

    ඒක නෙමේ, ඔයා සමාකරන්න් අප්පච්චී කතාව ඉවර කලාද ඒ.. මට මතක නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඉවරවෙලා ගොඩක් කල් දරුවො..මේ වෙන එකක් යන්නෙ දැන්. ඒක ඉවර කරන්න ඕනි. මිට අවුරුදු ගානකට කලින් ලිවුව එකක් ඒක. ටයිප් කරන්න තියෙන්නෙ " අත් හැරුණ රෝස මල "

      Delete
    2. හානේ.... තව කතාවකුත් තිබ්බද? මං දැක්කේ නැහැ නේ? :(

      Delete
    3. හයියෝ තව කතා කියක් තිනවද නංගා...

      Delete
  5. ලස්සන කවි සිතුවිල්ලක්... !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග හැමදාමත් වගේ.

      Delete
  6. හරිම ලස්සනයි................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්ම..

      Delete
  7. හැමදාමත් වගේ ලස්සනයි අක්කේ... ඔයා "අත් හැරුණ රෝස මල" එකේ ඉතුරු ටික දාන්නේ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. ඕන්න මාසෙකට පස්සෙ අදයි දැම්මෙ නංගි...ටයිප් කරගන්න බැරිව හිටියෙ...ස්තුතියි ඔයාට හැමදාමත්..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...