Wednesday, January 29, 2014

දන්නෙහිද නුඹලා

හිරු එළිය විත් වැදෙයි
නෙළුම් පොකුණේ පෙති මතට
සෙවනැල්ල යට ඉදන්
ජීවිතය හොයන උන් හැම තැනම.

සඳ කිරණ වැටෙන විට
වික්ටෝරියා උයන මැද
බඩ මහත උන්දලා
දඟලලා උඩ පනියි පේලියට

බිඳ දමා තාප්පය මේ බලන්
රෑ සිරිය කිවුවාට
දන්නවද අඬන පොඩි උන්
තාම ඉන්නවා පුරහල අවට.

8 comments:

  1. තාමත් ඉන්නවා....
    කාලය විතරයි වෙනස් වෙලා තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මධුරංග.

      Delete
  2. ලස්සනට ලියල තියෙනවා අක්කේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියේ..

      Delete
  3. දැන් දැන් කවියේ පන්නරය ලැබූ බව පැහැදිලි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ජීවත්වුන මාසෙට දැකපු කියපුව තමා අයියෙ. ලංකාවෙ ඉන්නව නම් අත්දැකිම් වැඩියි.

      Delete
  4. විශාල අදහසක් තනි පද වැල් කීපයකින් පවසා ඇති මේ නිර්මාණය හරිම ලස්සනයි. ඒ වගේම ගොඩාක් අර්ථවත්. ඔයාගේ නිසර්ග ප්‍රතිභාව තව තවත් ඔපවත් වෙන්න දිගටම ලියන්න අක්කේ. මම ඔයාට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. මේ දකිවන දිරිය ශක්තියට බොහොම ස්තුතියි නංගියේ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...