Saturday, October 13, 2012

***ජීවිතේ හිනස්සමු කවියකින් හැඩ තළ නෙළා ***



උල්කාපාතයකින් විසික් වෙන
කැට කැබැලි වගේ
බිදී විසිරී ගියපු සිතුවිලි..,
තාර පාරක අහුවෙච්ච
ටොනික් පියනක් වගේ
තැලී පොඩිවී ගියපු සිතුවිලි...
පණ ගන්න දඟලන විට
කවියකින් පුළුවන්ය

හුස්ම පිඹ පිඹ හයිය දෙන්නට....

නගින විට මහගිරි දඹ

අත්වැලක් වී සිටින්නට
සිත් අහස් කුස මුදුනක
හත්දින්න තරු පොකුරක්ව
සිනාසී පාර කියන්නට
ගැවසෙන විට ඔබ ඇවිත්...,
පොඩි කර කර උන්නු
ඇස් මායිමට
දෝතටම කවි මල් පොකුරු අරගෙන.....

පෑන් තුඩගින් කළලයක් අඳින

මුහුණු අත්පා වදන් වෙන
ප්‍රසූතය දරුවෙක් වී ලොවට එන
අපූරුම කවියක් දෙන්නම්
ලෙංගතුව කිති කැවුනු සිතින් මමත්....

උස් පහත් වෙන කම්මුලකට

මඳනලක් විත් සිඹින මැදියමට
කිවුල් දිය පිරි මධ්‍යධරණියට
පුදන්නම් කවිය එතෙර කරන්නට...

හදවතේ අහුමුළුත් හෝදලා

සෙත් පිරිත් කර රඳවලා
සිහිනයට නෙත් පියවලා
ළඟ එන දුරුත්තට හිනැහිලා
කවි වලින් හැමතැනම සරසලා
ජීවිතේ හිනස්සමු කවියෙන්ම
හැඩතළත් අපි නෙළා.....

16 comments:

  1. කවි කියන්නෙ වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මටත් හිතුනා....

    ReplyDelete
    Replies
    1. හුස්ම ගන්නට හුස්ම දෙන්නෙ කවියක් මට. ස්තුතියි අමිල.

      Delete
  2. කවිය කියන්නේ හරිම් අපූරු දෙයක් තමා.. වචන දාහකින් විස්තර කරන්න ඕනේ දෙයක් පද හතකට අමුණන්න පුළුවන් වුනාම තමා ඒක කවියක් වෙන්නේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට..

      Delete
  3. හ්ම්ම්ම් ආත්මයම නිරුවත් කරන්න පුලුවන් කවියකට....

    ReplyDelete
  4. ජිවිතේ හිනස්සමු කවියෙන්ම බොහොම රසවත් හරබර කවි පෙලක්.ලස්සනයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එන්න හිටියෙ..මට මඟ ඇරුණ..මම අද එනව...
      ස්තුතියි නලීන්..

      Delete
  5. හොරකම් සීන් එකෙන් පස්සේ ආයෙත් බ්ලොග් එකේ කවි ලියවෙන්න ගනිපු එකට නම් සතුටුයි....

    ReplyDelete
    Replies
    1. මං හිතුව හොරකම් කරන්න හරි ලියන්න ඕනිනෙ..ඒ අයට මගෙ කවි ගත්තට සිතුවිලි එන මේ හිත ගන්න බැහැනෙ තොටියො...
      හොඳම දේ පුරුදු කවිම ලියන එක නිසා...හැමදාම කවිය ගානෙ හරි ලියනව කියල හිතුව...

      Delete
  6. විඩාබර වු මනස සැහැල්ලු කර ගැනිමේ ඖෂධයකි කලාව.එහි පුරුකකි කවිය.ඔබේ නව නිපයුම රසබරයි.

    ReplyDelete
    Replies
    1. කවිය ජිවිතය වුනා මට...ස්තුතියි හුගාක්ම...

      Delete
  7. හැමදාමත්ම ඔබ ලියන කවි සිත්තම් වගේ සිතුවිලි අඳිනවා. ආයෙ හිතන්න ඉඩක් ඉතිරි නොකරම

    ReplyDelete
    Replies
    1. දැනෙන අකුරු වලින් වචන ගොතනව...ස්තුතියි අයියෙ බොහොමත්ම...

      Delete
  8. \\,,,පෑන් තුඩගින් කළලයක් අඳින..\\
    කවියේ මම අසම වචන පේලිය!:)

    ReplyDelete
    Replies
    1. අපි කවියක් ගොඩ නගාගන්නෙ දරුවෙක් මෙලොව ඉපදෙනව වගේමනෙ මල්ලි...ඒ සිතුවිල්ලෙ ඉදල ලියවුනේ...ස්තුතියි ඔයාට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...