Friday, July 27, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 11



             විශ්ව ශානුක මන්දාවල බොහෝ හොද පිරිමි ළමයෙක් විය. අපේ විවාහයට අවසර ලැබීමෙන් පසු ඔහු නිතර රන්මුතු බංගලාවට එන්නට පුරුදු විය. එමෙන්ම ඔහුගේ පියාද ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් වූ අතර විශ්ව ව්‍යාපාර සදහා අකමැති බැවින් වෛද්‍යවරයකු ලෙස රැකියාව කරන බව ඔහුගෙන් මට දැන ගන්නට ලැබිණි. ඔහු වෛද්‍යවරයකු යැයි කී විට මහිත ගැස්සිණි.
 
ඇයි මං ඩොක්ටර් කෙනෙක් වුනාට සදකිරණි කැමති නැද්ද....?

       මගේ වෙනස හදුනා ගෙනදෝ ඔහු ඇසීය. මම කිසිවක් නොදෙඩිමි. වෛද්‍යවරයකු යැයි පැවසූ විට මා තිගැස්සුනේ සිහිනයියා සිහිවීමෙන් බව ඔහුට කියන්නේ කෙසේද....?

ඔයා හරියට කල්පනා කරනවා...
      විශ්ව කීවේය.

අපි යං එළියට ඇවිදින්න....නැවත විශ්ව කීවේය.
ගැන ටිකක් මා උනන්දු විය.

කොහේද...?

සදකිරණි කැමති දිහාවක....

           විශ්ව සංතෝෂයෙන් කීවේය. ඉතා හොද ගතිගුණ මෙන්ම යහපත් කෙනෙකු වූ විශ්ව රැවටීම මට දුකක් විය. එහෙයින් ඔහුට අද මේ සියල්ල කියනවා යැයි මම සිතා ගත්තෙමි.
ලැහැස්ති වී මා පහලට එනවිට විශ්ව දෙවෙනි අයියා හා කතාතර කර හිදියේය.

විශ්ව රෝසමලව පරෙස්සමට බලා ගන්න...
            
      දෙවෙනි අයියා විශ්වගේ පිටට තට්ටු කර කීවේය. ඔහු යතුර කව කව සිනහ විය. ඔහුත් සමග මා ඔහුගේ රියට නැග්ගේය.

දැං කොහෙද යන්නෙ...?
                රිය මගට ගනිද්දි විශ්ව මදෙස බලා ඇසිය.

අපි කැළණි පන්සලට යං....මම කීවෙමි.

විශේෂත්වයත්ද සද කිරණි...?
                 මා කිසිවක් නොදෙඩුවෙමි.

ඕකේ...ඕකේ...එහෙනම් යන්...
               
                මාත් විශ්වත් රැගත් රිය කැළණිය පන්සල අභියසට පැමිණ නතර කලේය. හෙමින් හෙමින් විහාරය දෙසට අපි පිය එසවීය. ඇවිද ගන්නට බැරි බවක් මට දැනුනි. මීට වසරකට එකහමාරකට පමණ පෙර මමත් සිහිනයියාත් මේ පින්බිම පුරා ඇවිද්දෙමු. එදා අපි අනාගතය ගැන බොහෝ දේ කතා කලෙමු. එහෙත් අද සිහිනයියා මා අසල නැත. මා වෙන අයෙකු සමග මෙහි පැමිණ ඇත. මසිත හදා ගන්නට බැරිය. මල් පහන් පූජාකර මම මසිත සුවපත් වන්නට කියා ඉල්ලුවේ නැත. මා පැතුවේ සිහිනයියාට සතුට සැනසුම ලබා දෙන්න යැයි කියාය.

පන්සලට ආවට පස්සෙ ඔයා හරියට වෙනස් වුනා...

එහෙම දෙයක් නෑ...

             මම හිනැහුනෙමි. ඒත් ඒ හිනාව ඇත්තටම මවාගත් සිනහාවක් විය. ජීවිතයට මේ වූයේ මොන දුකක් දැයි මම සිතුවෙමි.

නැති වෙන්න බෑ සදකිරණී....විශ්ව නැවත කීවේය.

ඇත්තම නම් මට විශ්ව ගැන පැහැදීමක් ඇතිවිය.

මට කියන්න දෙයක් තියෙනවා විශ්ව...

ඒ මොකක්ද...?  
        යැයි අසන බැල්මෙන් විශ්ව මා දෙස බැලීය. එහෙත් කොයි විදිහට කියන්නේදැයි පෙරපර ගැලපීමට බැරිව මොහොතක් මා නිහඩ විය.

පසුව හොද හුස්මක් ගෙන සිහිනයියා ගැන සියළු තතු විශ්ව හා කීවේය. ව්ශ්වගේ ඇස් කෙවෙනි තෙත්වී තිඛෙනු මා දුටුවේය.

මම ඔයාට සිහිනව කොහොම හරි ලබා දෙනවා සදකිරණි....එසේ කියා විශ්ව මා අත දැඩිව තද කර ගත්තේය.

         දින තිහිපයකට පසු විශ්ව හදිසියේ වාගේ රන්මුතු බංගලාවට ගොඩවිය.

කෝ...සදකිරණි....
         
           කියා අසනවා මට ඇසිණි. මම හෙමින් පඩිපෙළ බැස විශ්ව අසලට ආවේය. ඒ වනවිටත් අප්පච්චි විශ්ව අසල විය.

        —අන්කල් මම සදකිරණිත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්...?

දැං හවස් වෙලානෙ විශ්ව පුතා...

මං පැයෙන් ආපහු එනවා අන්කල්...කියා මදෙස බලා...

ඔහොම හොදයි යං සදකිරණි....කියා ඉස්සර විය.
                    
                කිසි කතාවකින් තොරව විශ්ව ඉදිරිපස බලා රිය පදවයි. මා දන්නා හැටියට නම් විශ්ව මේ රිය පදවන්නේ සිහින අයියාගේ නිවස පිහිටි වත්ත දෙසටය. මා දෙව්මි හා ආ මග සලකුණු නිවැරදි බව මට මතකය. මගේ පපුවේ සද්දය පිටතට ඇසෙන තරමට වේගවත් විය. විශ්වගේ රිය සිහිනයියාගේ නිවස ඉදිරිපිට නතරවිය. එහි යම් වෙනසක් සිදුවී තිබුණි. ඉස්සර ඒ තිබුණ නිවස ඒ ලෙසම තිබුණ අතර ඉදිරිපසින් පැත්තට වන්නට තරමක් දිග ශාලාවක් වැනි දෙයක් විය. මට පුදුමත් සිතුණි. මන්දයත් මේ වනවිට සිහිනයියා වෛද්‍යවරයෙක් වී ඇත. ඔහු වෛද්‍යවරයකු නම් මේ වත්තේ කොහිද...? දෙවෙනි අයියාත් කීවේ සිහින හොදින් කියාය.  
සමහරවිට 
  විශ්වට වරදින්නට ඇත. සිහිනයියා මෙහි නැතුවා වන්නට ඇත.

 මුදු පුසුඹ තියන්
මගෙ ළගම ඉතින්
සිටින්න කියලා
සුදු සඳට මෙමන්
මගෙ පණම පුදන්
කියපු තරම් දන්නවාද මන්දා.....

සැඩ සුළං ඇවිත් හිත රිදෙන තරම්
මේ රැයට ඔබට දැනෙයිද ක්‍රිෂ්ණා
තද කරන් සිතුම් තව සිටිමි බලන්
මේ පපුව ඔබට බාරයි ක්‍රිෂ්ණා.....

අඩ සඳත් ඇවිත් ඇස් දෙකම උරා
ගන්න තරම් දන්නවාද ක්‍රිෂ්ණා
මට පෙමක් ඇතොත් ඔය පපුවෙ ඉඩක්
තියනවාද ඔබ මගෙ නම් ක්‍රිෂ්ණා....

____________මතුසම්බන්ධයි_____________
 

14 comments:

  1. ගෑල්ලමයින්ගේ මූනේ ඉරියවු වෙනස් වීම ඉක්මනින්ම හොයා ගන්ඩ පුලුවන් !
    ඒක නිකන් හරියට කැඩපතකින් මූන බලනවා වගේ...
    නමුත් ගෑල්ලමයෙක්ව තේරුං ගන්න ජීවිත කාලයක් උත්සහ කරලත් බෑ.. :)

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයෙක්ව තේරුම් ගන්න ඔච්චර අමාරු නැහැ මධුරංග...

      Delete
  2. ලස්සනයි කතාව ...

    ReplyDelete
  3. මේ ලෝකෙ තියෙන කතාවක නෙවෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. මේ මගේ හිතේ ඇතිවුන කතාවක් විතරයි අමිල...ඒක සැබෑ ලෝකෙ තියෙනවද නැද්ද කියල මට වැඩක් නැහැ. මගේ මනෝ ලෝකෙ මම රෝස මලව ජීවත් කරවන්නෙ.

      ස්තුතියි ඔබටත්.

      Delete
  4. අනේ අද නම් ඊලග කොටස කියවනකම් ඉවසිල්ලක් නෑ අක්කියෝ..ඇත්තමට මොකක්ද වෙන්න ඇත්තේ..?? කොහොමවුනත් වෙනදා වගේම කතාවයි කවියයි හරිම ලස්සනයි අක්කි....

    ReplyDelete
  5. විශ්ව සහ සඳකිරනි චරිත දෙ මිට ඉස්සරවෙලා තිබු‍ණෙ නැහැනේ. අලුත් චරිත දෙකක්ද මංදා..

    ReplyDelete
    Replies
    1. නැහැ අයියෙ විශ්ව කියන්නෙ රන්මුතුට ගෙදරින් යෝජනා කරපු කෙනා....සඳකිරණි කියන්නෙත් රන්මුතුට..එහෙම නැත්නම් රෝස මලට...විශ්වම කියනව මම ඔයාට සඳකිරණි කියන්නම් කියල...රෝස මලගෙ සම්පූර්න නම රන්මුතු සඳකිරණි වික්‍රමසිංහ.

      Delete
  6. හුග දවසකින් ආයෙ ආවේ..හරිම ලස්සනයි මගෙ අක්කියෝ කතාව.නැගලම යනවා වගේ.... he..he))හැබැයි කතාවට වඩා ලස්සනයි ඔයා මේ යටින් ලියන කවිය.අද කවිය ගැන කියලා වැඩක් නෑ.සින්දුවකට නම් නියමයි.

    ඊළග කොටස ඉක්මණට දෙන්න ඕනේ හොදද..?

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දානව නංගියෙ...ස්තුතියි ඔයාට.

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....