නොයන් ගෝතමි
ගෙයින් ගෙට
නොමැත කවුරුත්
දෙන්න අබටැක් නොරට.....
වැදෑමහ කැක්කුම දිදී
උණුවෙනා ළය මව් සෙනේ
කොහොම කියලා දනීවිද දුක
ගෝතමිය නපුරුමයි නොරට....
අත ගගා හිස් මුදුන
හූරලා දුකම ගත් පිය දෑත
කොහොමවත් නැහැ
ගෝතමිය තවන්නට ඔය
හිත් පොඩිය මේ නොරට....
රන් රිදී කහවණු මිළ ගණන් නොව
ඩොලර් යූරෝ පවුම් අතරේ
හිරවෙලා ආලයත් ගෝතමියෙ නොරටේ...
පුහුදුන් දනන් ළග
වැටි වැටී දෙපතුලත් සිඹ
නොයැදපන් ජීවිතේ උඹෙ
නැහැ ඉතින් උණුවෙනා හදක්
ගිනි ගත්ත නොරටක කිසිම......
හැමදාම වගේ අදත් අක්කිගේ කවියට නම් මම හරිම ආසයි..ලස්සනයි ගොඩක්....
ReplyDelete"පුහුදුන් දනන් ළග
ReplyDeleteවැටි වැටී දෙපතුලත් සිඹ
නොයැදපන් ජීවිතේ උඹෙ
නැහැ ඉතින් උණුවෙනා හදක්
ගිනි ගත්ත නොරටක කිසිම......"
හරිම ලස්සනයි දිනිති අක්කියෝ......ජයවේවා
ලස්සන කවි සංකල්පනාවක් !!!
ReplyDeleteවචනයක වචනයක් ගානේ දැනුනා.... නොරට එපා කරපු වචනයක්
ReplyDeleteමට කපුගේ ගැයූ කිසාගෝතමී ගීතය මතක්වෙනවා.
ReplyDeleteලස්සනයි හරිම........
ReplyDeleteපට්ටම පට පටටටට
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලස්සනයි අක්කේ කවි පෙල..
ReplyDeleteසමාජය විෂමයි ඇත්තටම ...
ReplyDelete