ලාම්පුතෙල් කුප්පියේ...
කිරි වවුල් පැටිය ඇවිදින් හැපුනේ
තව ගිනිකූරක් කොහොමද
වැය කරන්නෙ අම්මේ....
ඔබ කඩන කඩන ගල් කැටයෙන්
අපි එළි දුටුවේ.....අපි එළි දුටුවේ.....
මහ මෝසම් වැසි ඇවිදින් වෙළේ වතුර පිට ගිය දවසේ
ඒ තනන්න ගිය අප්පච්චී නොඑන්න ගිය හැන්දෑවේ
ගැලු කඳුළු අපේ නෙතේ පිසින්න ඔබ වෙර ගත්තේ
මතු මතුත් ඉතින් ඔය දෑතට සවි බල ලැබෙනව අම්මේ.....
රන් පියුම් පිපෙන හදවත් අඹරේ
සිල් ගත්ත වදන් සවනත මිහිරේ....
පින් පුරමු ඉතින් සැම අත් බවයේ...
මවුන් වෙන්න බුදුවෙන තෙක් සසරේ....
2012/07/14
දිනිති
බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න
මවකට බුදු වෙන්න බැහැ ඒත් අපි එහෙම ප්‍රාර්ථනය කරනවා. ඒ ඇය හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසන නිසා..
ReplyDeleteවෙනදා වගේම ගීතාත්මකයි.
This comment has been removed by the author.
ReplyDeleteවෙනදා වගේම..ලස්සනයි...සන්වේදියි...
Deleteමම කියන්නෙ,බුදුවෙන්න එපා.මතුභවයේත් මගෙම අම්මවෙන්න කියල.කොච්චර දුකක් උනත්.හැබැයි ඉතිං ඒ මම මනුස්ස ආත්මයක් ලැබුවොත් විතරයි.නැත්නම් එපා.
ReplyDelete//..පින් පුරමු ඉතින් සැම අත් බවයේ...
ReplyDeleteමවුන් වෙන්න බුදුවෙන තෙක් සසරේ....//
වෙනදා වගේම හරිම ලස්සන සංවේදි කවි පෙලක් අක්කියෝ....