Friday, July 6, 2012

*** සමාකරන් අප්පච්චී *** Part - 09


          ඉතිං මා සතියේ දවස් පහක් ෆැක්ට්‍රියට යන්නෙහිය. එය නිමවීමට පැයකට කලින් කෙසේ හෝ මා සමග පාරට එන දෙව්මි මට සිහිනයියා මුණ ගැසිමට උදවු වෙයි. අප්පච්චීට ඇය කියා තිබුනේ හැමදාම හවස ඇයටත් මටත් පරිගණක පන්තියක් ඇති බැවින් කලින් යන බවය. ඇය ඒසේ කියා තිබුණ නිසාම මටත් නිකන්ම අවසර ලැබී තිබුණි. මහමඟ කොතනක හිද හෝ දොඩමළු වන අපි පන්තිය නිමවන වේලාවට ඒ අසලට එයි.
 
මේක නම් එච්චර හොද සෙල්ලමක් නොවෙයි රන්මුතු....යැයි කිහිප විටක්ම දෙව්මි කීවේය. 

එච්චර හිතට ගන්නෙපා....මම කීවෙමි.

හෙට මගෙ උපන්දිනේ...සිහිනයියා මා මුණ ගැසුණු විට කීවේය.

මං දන්නවා....

මොනාද...?

හෙට ඔයාගෙ උපන්දිනේ කියලා....

ඉතිං...

ඉතිං නෙමේ අයියෙ...හෙට අපි පන්සල් යමු...

ඔයාට එහෙම ගමනක් යන්න එන්න බැහැනෙ රෝසමල...

නෑ මං එන්නම්.

            සිහිනයියාගේ ඇස් දිලිසෙනවා මා දුටුවෙමි. මෙවෙනි ගමනක් මට යාමට ලැඛෙන්නේ නැත. එහෙත් හෙට ෆැක්ට්‍රියට යන්නේ නැතැයි මම සිතා ගත්තෙමි.
 
              උදෑසනින්ම පිබිදුනු මා සුදු දිග සාය හැද එයටම ගැලපෙන ටීෂර්ටයකින් සැරසුනෙමි. වෙනදා වාගේම ෆැක්ට්‍රියට යන බව අගවමින් මම පඩිපෙල බැස්සෙමි. සාලයේ සිටි අප්පච්චි  දැක මසිත බිය විය. හිතට හොරා මා කරන්නේ වැරැද්දක් බව දැනුනද මට සිහිනයියා මතකයට ආවේය. අද අප්පචීව මඟ ඇරියොත්..ලොකු අයියා එක්ක මා ෆැක්ට්‍රියට යා යුතුය. මේ දෙදෙනාවම මඟ හැර දෙවෙනිගෙ කාරයට නැග ගන්නට මා සිතා ගත්තේය. කොහොම වුනත් මට ටිකක් හිතවත් දෙවෙනි අයියාය.

මගෙ මැණික ලස්සනයි කියා අප්පච්චි මගෙ නළල සිප ගත්තේය.  
 මගේ හදවත කඩා වැටුනේ මා රවටන්නේ මේසා ආදරය කරන පියෙක්ව බව හැගීමෙන්ය.

යන්නම් අප්පච්චි කියමින් මා දෙවෙනි අයියාගේ වාහනයට ගොඩ විය. දෙවෙනි අයියා 

...මේ මොකද මේ....මට කැම්පස් යන්නත් පරක්කු වෙලා තියෙද්දි...

....හරි හලෝ මාව ෆැක්ට්‍රියට හැරෙන තැනින් දානව...දෙව්මි එතන ඉදන් යන්නම්.....

...ඇයි අප්පච්චි ලොකු අද යන්නෙ නැද්ද......

යනව යනව...මම මේ දුවන්නෙ දෙව්මිගෙ පුංචි අම්මා හොස්පිටල් එකේ නවත්තල...

ෆැක්ට්‍රියට යන්න කලින් බලන්න....

කොහේ තිබී ගණදෙවි නුවණ ආවාදැයි මම ම දන්නේ නැත...මේ මාමද......

පුදුමයකි...දෙවෙනි ෆැක්ට්‍රිය ආසන්නයෙන් මා බස්සවා ගියේය. ඒ වන විටද සිහිනයියා පෙනෙන මානයකට පැමිණ නොසිටියෙහිය. විනාඩි කිහිපයක් ගතවෙත්ම සිහිනයියා මෝටර් සයිකලයකින් පැමිණ මා ඉදිරිපිට නතර විය. හෙල්මටය ගලවා අතට ගෙන සිහිනයියා සුන්දරව සිනහාසුනි.  තිගැස්සුනු සිතින් හිදි මට සිනහාසෙන්නට අමතක වුණි.
 
ඇයි නංගි බයවෙලා වගේ...සිහිනයියා ආදරයෙන් විමසුවේය.
 
බයවෙන් නැද්ද අයියා....ඔයා බයික් එකකින් එයි කියලා මං හිතුවෙ නෑ...

මා කතාකල අයුරට සිහිනයියාගේ මුවරැදි සිනහව අතුරුදන් විය. බලාපොරොත්තු කඩවුණු කටහඩකින් කටහඩ අවදි කල සිහිනයියා

ඔයාව කාර් එකක ගෙනියන්න තරමෙ වත්කමක් මට නෑ නංගි.....මේ බයිසිකලෙත් මගෙ නෙමේ....යාළුවෙක්ගෙ....ඒ මුහුණ මත ඇදුන අසරණ බවට මගේ හදවත පිච්චෙන්නා බවක් දැනුනි.

මං එහෙම දෙයක් හිතලා කිවුවා නොමයි අයියෙ....මට බයයි බයික් එකේ යන්න ඒකයි....මං කවදාවත් මෙහෙම ගිහින් නෑ.....හෙල්මට් එක දාන්නවත් දන්නෙ නෑ....දුක්බර හඩකින් මා මුවින් පිටවිය.

බයවෙන්න එපා නංගි මම ඔයාව මලක් වගේ පරිස්සමට එක්ක යන්නම්... කියා සිහිනයියා මා හිසට හෙල්මටය දමා ගාංචුව දැමුවෙහිය. නුහුරට සිහිනයියාගේ උරහිස අල්ලා බයසිකලයට නැගිමට සැරසුනු මා දැක දෙව්මි බකස් ගා හිනා විය. ඒකි කොහේ සිටන් මෙතනට කඩා පාත්වුනාද මන්දා...
 
එන්න එපා හිනාවෙන්න.....කියා මාසිහිනයියාගෙ බදවටා සුරත යවා ඒ සිරුරට තුරුල් විය.

හිනාවෙන්න නෙමෙයි මට වෙන්නෙ අඬන්න....දැන් උඹ මොකක්ද රන්මුතු ගෙදරට කිවුවෙ.....

දෙවිමි එසේ අසන විට මට දෙවෙනිට කිවුව බොරුව මතක් වුනේ. මම ඇයට එය කියා අවසන් වන විටම ඇය කීවේ...

දැන් ඉතින් යසට ඉදිය පුංචි අම්මව ලෙඩ කලා මදිවට...මේකි එනකම් කාපන්කො කටු......
 
දෙවිමි එසේ කියමින් කම්මුලේ අත ගසා ගත්තේය...මට තවත් සිනහ නැගී සිහින අයියාව බදා ගත්තෙහිය.

මා සමග පැමිණි සිහිනයියා කැළණිය පූජා භුමිය අසල මොටර් සියිකලය නතර කලේය.

දැං නැග්ග ව්දිහටම මාව අල්ලන් හෙමින් සැරේ බහින්නකො... 

           එසේ කියමින් සිහිනයියා මට බැසීමට උදවු විය. අනතුරුව හිසරැදි හෙල්මටය ගලවා එයද බයිසිකලය උඩ රැදවීය. ඉන්පසු මාතින් අල්ලා ගත් සිහිනයියා අසල කඩයකින් නෙළුම් මල් හදුන්කුරු පොල්තෙල් ආදිය මිළට ගෙන විහාරය දෙසට පිය එසවීය.

                පිළිවෙලට මල් පහන් පුදා බෝමළුවෙහි කොනක හිදගෙන අපි ගාථා කියුවෙමු..අනතුරුව බොහෝ දේ ගැන කතා කරමින් පසුව පැය දෙකක්ට අසාන්න වේලාවකදී දෙව්මිගේ ගෙදරට පැමිණියේය. අප දැක ඉදිරියට දුව ආ දෙව්මි තැති ගත් දෑසින් යුතුව 

හරි වැඩේ රන්මුතු වුනේ....

ඇයි....? මා කුතුහලය මුසුව ඇසුවේය...

ඔයාව එක්ක යන්න අප්පච්චි ආවා....

නෑ...

නෑ නෙමෙයි ඔව්....අද එයා දෙවෙනි එක්ක ආවෙ..මාත් එක්ක හොස්පිටල් යනව කිවුව කියල..පරක්කු නිසා මෙහෙ ආව..

ඉතින්?

ඒ ගමන මම කිවුව ඔයාව පුංචි ගාව තියල මම ඇදුම් ටිකක් ගෙනියන්න ආව කියල....

මෙන්න ඒ ගමන
 ඇයි දුව මට බොරු කරන්නෙ කියලා...

ඊට පස්සෙ....

ඔයාගෙ අප්පච්චි දැකලා තියෙනවා ඔයා කැළණි පන්සල ඉස්සරහා පාර පනිනවා...සිහිනයියවත් අදුරගෙන...ඒත් අප්පච්චිට විශ්වාස නැති හිංදා එහෙමම හොස්පිටල් එකටත් ගිහින් මෙහෙ ඇවිත් තියෙන්නෙ....

දෙවියනේ...කියමින් මා දෙව්මි වැළදගෙන හැඩුවෙමි. ඒ අතර තුර සිහිනයියා 

දැන් මොකද නංගි කරන්නෙ.....? කියා දෙව්මිගෙන් ඇසුවේය. දෙව්මිට කලින් මා ඉස්සර විය

මං එනවා අයියා ඔයා එක්ක ඔයාගෙ ගෙදර යන්න...

එහෙම කරන්නඑපා රෝසමල....අපි බලමු අප්පච්චි මොකද කරන්නෙ කියලා....

මට ඔයාව නැති කර ගන්න බෑ අයියා....

මං හින්දා ගෙදර අය නැති කර ගන්න එපා නංගි....එසේ කියා සිහිනයියා පිට අත්ලෙන් ඇස් දෙක පිස දමනවා මා දුටුවෙමි.

අප්පච්චි ආයිත් මාව ෆැක්ට්‍රි එකට එවන්නැති වෙයි. මම කීවෙමි. සිහිනයියා කිසිවක් කීවේ නැත.

එන හැමදේකටම අපිට මුහුණ දෙන්න වෙනවා නංගි....

කියන තරමට ඒක ලේසි නැති බව මා දන්නෙහිය.  සිහිනයියාගෙන් දුරස් වීමට මට කෙසේවත් හිත හදා ගන්නට බැරිය.

මං මගෙ ජීවිතෙන් ඉල්ලන්නෙ ඔයාව විතරයි නංගි... එසේ කියා සිහිනයියා යන්න ගියේය. ඊට විනාඩි කිහිපයකට පසු දෙවෙනි අයියා මා රැගෙන යාමට පැමිණියේය.
 
කිසි කතා බහකින් තොරව කාරයට නැග ගත් මා දෙස බැලු දෙවෙනි අයියා

ඇයි රෝසමල දැන දැන ගින්දරට පැන්නෙ....? මහිත තිගැස්සුනා පමණක් නොව නැවත කදුළු අලුත් විය. දෙවෙනි අයියා එක අතකින් මහිස පිරිමදිමින්...

සිහින නරක කෙනෙක් නෙමේ...ඒත්...ඔයා දන්නවා නේද එයාගෙ පවුල් පරිසරය...ඒ මදිවට එයා අපේ ගෙදර වැඩකරන කෙනෙක්ගෙ පුතෙක්...

මං සිහිනයියට ආදරෙයි....එයා නැතුව මට ජීවත් වෙන්න බෑ දෙවෙනි අයියෙ...ඒ මගෙ ජීවිතේ...

කිසිවක් නොදෙඩූ දෙවෙනි අයියා
 දැන් ඉතිං හිත හදාගන්න යැයි අගවමින් සුසුමක් හෙළීය.

              නිවසට යනවිට අප්පච්චිගේ වාහනයද ගරාජය තුළ විය. එහෙයින් වෙනදා නැති බියක් මා තුළ ඇතිවිය. කාරයෙන් බැස ගත්තද නිවසට ඇතුළුවීමට මගේ දෙපා පණ නැතිවිය. අසරණ වූ දෑසින් මා දෙවෙනි අයියා දෙස බැලීය.....

 ඔහු එක අතකින් මා අල්ලා නිවසට ඇතුළු විය. අප්පච්චි පේන්නට නොසිටියේය. අඩියට දෙකට මම මගේ කාමරයට රිංගා ගත්තෙමි. කාමරයේ දොර වසා දමනවාත් සමගම මට හයියෙන් හැඩුණී. ඇතිවෙන තුරු ඇදටවී මම හැඩුවෙමි. වෙනදාට මගේ කාමරයට එන මැණිකෙ නැන්දාද නාවේය. සමහරවිට අප්පච්චි මැණිකෙ නැන්දාට බැණ වැදුනාද දන්නේ නැත. එහෙත් අප්පච්චි එවෙනි අයෙකු නොවන බව මා දනිමි. ලොකු අයියාද චූටි අයියාද මා සොයා නාවේය. දැං ඉතිං කුමක් වේවිද...?මා දන්නේ නැත. මට මේ දුක දරාගන්නට බැරිය. රැය එළිවෙන තුරු හැඩුවේය. එහෙත් දුක තුනී වූයේ නැත.

රෝසමල දන්නවද...?අප්පච්චි ඊයෙ රෑ එළිවෙනකම් නිදි නෑ.... 

එසේ කියමින් උදෑසන දෙවෙනි අයියා මගේ කාමරයට ආවේය.

ඇයි ඒ ඇයි කියා අසන්නාක් මෙන් හඩා හෙම්බත්වී සිටි මා දෙවෙනිගේ මුහුණ දෙස බැලීය.

අප්පච්චි රෑ එළිවෙනකම්ම ඇඩුවා...මට මතකයි නංගි ඔයා ඉපදුනේ අම්මා මැරුනෙ එකටමයි. එදා ඉදන් අප්පච්චි අපි පස්දෙනාව ලොකු කලේ තනියම. තව කසාදයක් කර ගන්න අප්පච්චිට ඕන තරමි ඉඩකඩ තිබුණා ඒත් මේ මගෙ මැණික කිය කිය ඔයා දිහා බල බල අප්පච්චි ජීවත් වුනා. කොච්චර ව්‍යාපාරවල හිටියත් අප්පච්චි අපි ගැන නොසොයා ඉදියෙ නෑ. වැඩකාරයො කී දෙනෙක් හිටියත් ඉඩ තිබුණ හැම වෙලාවකම අප්පච්චි අපි ළග හිටියා. අපිට පණ වගේ ආදරය කළා. ඒ ආදරය හැමදාම වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ...එහෙම කරපු අප්පච්චි අද හරියට අසරණ වෙලා රෝසමල...

දෙවෙනි අයියා එසේ කියන විට මගේ දෑසින් හෝ ගා කදුළු කඩා වැටුණි. කිසිවෙකු විසින් මගේ පපුවට පිහියකින් හත් අට පාරක් අනින්නා සේ දැනුණි.
 
සිහින නරක කෙනෙක් නෙමේ. මන් දන්නවා...ඒත් තමන්ගෙ එකම දුවව සිහින වගේ කෙනෙකුට දෙන්න ගියාම අප්පච්චිට මොකද වෙන්නෙ රෝසමල...?

මට සිහින නැතුව ඉන්න බෑ..

අප්පච්චිද සිහිනද කියලා තීරණයක් ගන්න....

මගේ හුස්ම හිරවිණි.

මං එහෙම කරන්නෙ කොහොමද...?ඒ දෙන්නම මට ඕන නැත්නම් මං මැරෙනවා...මම දෙවෙනි අයියා බදාගෙන හැඩුවෙමි.

පිස්සු කියන්නෙපා....දෙවෙනි අයියාගේ හඩ සැරවිය.

ඉතිං මම මොකද කරන්නෙ...?

අප්පච්චි වෙනුවෙන් සිහිනව අමතක කරන්න...දෙවෙනි අයියා කීවේය.

මට සිහිනව අමතක කරන්න බෑ....

දෙවෙනි අයියා යන්න ගියේය. ඉතිං මා හඩා හෙම්බත් වී හිටියේය. හිස අත් බදා හැඩුවද මට තීරණයක් ගැනීමට බැරිවිය. රාත්‍රියේ හෙමින් හෙමින් අඩි තබා අප්පච්චිගේ කාමරය දෙසට ගියේය.  

අප්පච්චි ඇදමත දිගාවී හිස් බැල්මෙන් සිවිලිම දෙස බලා හිදියි. සියළු බලාපොරොත්තු සුන්වී ගියා වැනි හැගීමක් ඒ මුහුණේ ලියැවී තිබුණි මා හඩාගෙනම අප්පච්චිගේ දෙපා අසල වැතිරුණි.

මගෙ මැණික කියා මා තුරුල් කර ගත් අප්පච්චි හොදටම හැඩුවේය. ඔහු මට ගැහුවානම් බැන්නානම් ඉවසන්නට තිබුණි. ඒත් මේසා අසරණ වූවෙකු සේ හඩා වැටීම මට දරා ගන්නට බැරිය.

මම හිත හදා ගන්නම් අප්පච්චි.... 

         එය මා හිතා මතා කිවුවා නොව මට කියැවිණි. අප්පච්චි විදුලි සැරයක් වැදුනා මෙන් මා මුහුණට නැඹුරු විය. ඒ ඇස් ආලෝකයෙන් දිලිසෙනවා මා දැක්කෙමි. එමෙන්ම බලාපොරොත්තුවක සේයා ගොඩ නැගෙන ආකාරය ඒ දෑස තුළින් මා දුටිමි. අප්පච්චිගේ ඇස් දෙක තුලින් සිහිනයියාගේ අසරණ නිල්පාට ඇස්දෙක මට මැවී පෙනිණි.

 —අනේ මට සමාවෙන්න... 

කියමින් අප්පච්චි අතහැර මා කාමරයට දිවුවෙමි.

රන් රුවන් මුතු මැණික් ළග
ජීවිතේ දිලිසුනා හරියට
පිනි කදුළු ඇස් යටට ඇවිදින්
නවතින්නෙ මිතුරු විලසට....

මට මමත් නැතිව ගොස්
ජීවිතේ නුඹම වුන දින
හුස්ම අරගෙන යන්න බැහැ
කියන්නේ නම් කොහොම...

වසන්තය ළග හිනැහෙනා මල්
තලයි අත්පුඩි හඩ නගා...
හැලෙන විට පෙති එක දෙකක්
අකුළුවා ගයි මුහුණු බිමටම....

සෙනේ ගංතෙරෙ නොවෙනස්ව
බලා පිහනමි අත් ගසා
බැරිම වුවහොත් හැපී මියැදෙමි
මේ පෙමයි මා සන්තකේ....... 

......

 

3 comments:

  1. එක පාරටම මොකක් උනාද මේ
    අද කථාව නමි හොදයි..
    ඉතුරු ටිකත් ඉක්මනට ලියමු...

    ReplyDelete
  2. තාත්තලා දරුෙවා් ගැන හිතන්ෙන ෙවනස්ම විදියට. ඒ්ක ෙත්රුම් ගියාම කාටත් පසුතැවිලි ෙවන්න ෙවනවා.ඒ්ක තමයි අැත්ත. කතාව ලස්සනයි. හැමදාමත් වාෙගම

    ReplyDelete
  3. //..බැරිම වුවහොත් හැපී මියැදෙමි
    මේ පෙමයි මා සන්තකේ....... //

    එක පාරට කතාව වෙනස්වුන විදිහට මාවත් ගල්වුනා අක්කියෝ..අනේ දැන්නම් ඉතුරු ටිකත් ඉක්මනටම බලන්න ඔනේ....

    අද කවිය වගේම පික් එකත් හරිම ලස්සනයි....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...