මල් වැහි පොදය යන්තම් දෙවටින් රිංගා  සල් මල් සුවඳ වෙහෙරෙන් දැමුවා හංගා
පල් ගඳ ගහන දිය යට සියපත් හංගා 
සිල් ගත් සිතුම් මිනිසුන් දැම්මා හංගා....
කිරිකොක් රෑන ගල් අරඹෙට ඉඟිළ ගියා  
තිරිසන් ජාත සිතුවිලි හද ගැඹරෙ තියා
මිනිසත් ලෝකෙ උරුමය ඉපදුමම කියා
ජඩයින් විලස රමණයෙ ඇත මුදල ලියා....
දෙපතුලෙ කුසුම් තියමින් වැඳුමන් ලබනා අම්මා  
සුහුඹුල් කලල දියකර සැනසෙති සමහර අම්මා 
මල්වර සුවඳ ගැන ලෝකෙට නැහැ උරුමය නම්මා 
පව්කළ නොපිපි කුසුමන් මැරුවෙත් එලෙසම අම්මා.... 
ඉහිරුණු කිරට තව අඬනා මව්වරුද ඇතේ  
නැතිවුන කමට කාසිය ළග විකිණෙනව වෙතේ 
කරුමය කිය කියා බෝසත් ගති වසනු ඇතේ 
මව්වරු අතර මහමායා අද කොහෙද පුතේ..... 
 ______________________________ __________දිනිති _____ 
පල් ගඳ ගහන දිය යට සියපත් හංගා
සිල් ගත් සිතුම් මිනිසුන් දැම්මා හංගා....
කිරිකොක් රෑන ගල් අරඹෙට ඉඟිළ ගියා
තිරිසන් ජාත සිතුවිලි හද ගැඹරෙ තියා
මිනිසත් ලෝකෙ උරුමය ඉපදුමම කියා
ජඩයින් විලස රමණයෙ ඇත මුදල ලියා....
දෙපතුලෙ කුසුම් තියමින් වැඳුමන් ලබනා අම්මා
සුහුඹුල් කලල දියකර සැනසෙති සමහර අම්මා
මල්වර සුවඳ ගැන ලෝකෙට නැහැ උරුමය නම්මා
පව්කළ නොපිපි කුසුමන් මැරුවෙත් එලෙසම අම්මා....
ඉහිරුණු කිරට තව අඬනා මව්වරුද ඇතේ
නැතිවුන කමට කාසිය ළග විකිණෙනව වෙතේ
කරුමය කිය කියා බෝසත් ගති වසනු ඇතේ
මව්වරු අතර මහමායා අද කොහෙද පුතේ.....
______________________________
 
 
 
 
ලස්සන කවි සංකල්පනාවක් දිනිති !
ReplyDeleteස්තුතියි මධුරංග....
Deleteගොඩාක් ලස්සන වටින නිර්මාණයක් අක්කියෝ...
ReplyDeleteඔබට ජය!
ගොඩාක් ස්තුතියි මල්ලියේ...
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteජය වේවා මල්ලි..
Deleteහැමදාම වගේ අක්කිගේ අද කවියත් හරිම ලස්සනයි....
ReplyDeleteස්තුතයි හුගක්ම..
Deleteහොඳ කවිපෙලක් අක්කේ
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලියේ...
Deleteනූතනයේ නම් එහෙම තමයි. සුළු පිරිසක් නිමා හැම අම්මා කෙනෙක් දිහාම බලන්නෙ ඒ විදියට.
ReplyDeleteකවියත් කවිය සදහා යොදාගත් රිද්මයත් හරිම අපූරුයි
ස්තුතියි බෙහෙවින්ම...
Delete