Saturday, July 7, 2012

....තාත්තා...

ජීවිතේ බර චක්‍කරයකින්
පොතට
එකතු කර කර ඇවිදින්නේය
අඩු කිරීම් කිසිත් නැති
ඉඳහිටක බෙදීම් ඇති
හැමදාම එකතු කිරීම් ළග
සමීකරණ විසදන්නේය....

බොහොමත් දවසට
සියයට ගණනින්
පොලිය ලැබෙන්නේය...

එහෙත් තාත්තා චක්කරය
කඩපාඩම් නොකලත්
හැමදාම ඉලක්කම් දමන්නේය.

මකනයට ඉඩක් නොතියයි.
තනි ඉරකින්ද නොකපයි.
හැකිනම් චතුරස්‍රයක
ත්‍රිකෝණයක දා සුරකියි...

අංශක සමබර කරන්නට
උපරිමව වෙහෙසෙයි.
සමපාද නොවුන හොත් තාත්තා
කනස්සලු සිත් ගන්නේ
සමාන ලකුණටම පෙම් බඳින හන්දාය.

අවසානයේ බැරම පමණක්
දරපු තාත්තා
හර පැත්ත ශූන්‍යව ගියද
ජීවිතේ චක්කර පොත වසා නොදමයි.

සියල්ලන්ටම බෙදීම් ලකුණෙන් බෙදා
තනි ඉරකින් අත්සන ගසා
මහ පොළව යට සැගවෙන්න
ඇගිලි එකතු කරන්නේ
තවත් සමීකරණ ගැටලු විසදමින්
අයකිරීම් කිසිත් නැතුවමය.




බස් රේඩියෝ සින්ඩියට මෙතනින් යන්න

12 comments:

  1. හත් අටපාරක්ම කියෙව්වත් මට නොතේරුන මොකක් හරි දෙයක් තියනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. තාත්තා කියන උතුම් පදවිය ගණිතයෙන් දැක්ක විදිහ මල්ලියෙ ලිවුවෙ.

      Delete
  2. හ්ම් ඒ තමයි තාත්තා කෙනෙක්..අද නම් කවිය තේරුම් ගත්තේ ගොඩක් වෙලා කියෙව්වට පස්සේ..හරිම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුවිලි දැහැන හුගක්ම.

      Delete
  3. අපූරුයි අක්කේ..

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි රොබින්.

      Delete
  5. නියමයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  6. දැනුනා..
    ඇසටයි,හිතටයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් සතුටක් මල්ලියේ...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...