Thursday, July 30, 2015

ඇමති ආරක්ෂක මතක වත



බල්ටි දහයක් එකට ගහනා
පැනිලි පිමි හා හමුදාවෙ හිටියා
කලටි පොල්වල රසය විදිනා
ඇමති රැකවල් සෙනෙවි වූවා

අරක්කුද බී සිගරැට්ටු ඇද්දා
විෂ්කි බ්‍රැන්ඩිය නා කියා ගත්තා
අරිෂ්ඨය හා වලිප්පුව මැද
ඇමති බිරිඳගෙ පණ වුනා

ළපටි කරලක් කිරි වැදී ඇති
ඉරිඟු යායෙන් ගෙන ගියා
කරටි වෙන්නට ගැසූ දිනයට
කැකිරි පල පල හපය කෙරුවා

කෙනෙක් අත්සන දෙන්න බැරි විට
බෙල්ල මුලටම ලංසු තිබ්බා
එකෙක් දෙන්නෙක් නෙමෙයි බෝ විට
හිතේ හැටියට මූනිස්ස වැදුණා

සුදු ඇදන් මල් අරන් හිස මත
වඳින ඇමතිට ලංවුනා
කඳු පිටින් කුඩු ගොඩ බසින 
තැන මගේ අණ නතුවුනා

කුරුළු නාදය දෙතොල් අඟකින්
මුමුණ මුමුණා පිටු පෙරලුනා
අරළු කෑ බව මතක් වෙන්නට
කලක් ගිය බව වැටහුණා

වසර පහ, දහය හෝ බල
සිඳෙන තෙක් රැකවරණෙ දුන්නා
වරද කළ ඒ ඇමති නාමෙට
පෝරකය මගෙ නමට ලිවුවා

මගේ දරුවන් බිරිඳ හැපි හැපි
ඇමති පාමලු වැටිල තිබුණා
තෝපේ කවුරුත් දන්නෙ නෑ මං
කියා පන්නා යවා තිබුණා

ලොකු කෙලී කොටහලු වෙලා 
මාස තුනවත් නොපිරිලා තිබුණා
පොඩි එකී කිරි බිබී හඬන විටදිම
මගෙ ගෑණි බඩ කරල තිබුණා

යකඩ පොලු මැද ගෙවෙන කළ මගෙ
මරණෙ ගැන දින දිනය ගෙවුණා
වඳපු දරු දුක දරාගන්නට බැරිම තැන
පපුව පැළිලා මව් මැරිල තිබුණා

රජුන් විලසට ගමට හයිරන්
දමන් හිටි මට මොකද වූයේ
දිට්ඨධම්මය කියා බුදු බණ
දෙසන හිමියෙක් මෙහෙට වැඩියා

9 comments:

  1. මොනවා වුණත් අදහස නියමයි

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත. සාහිත්‍යමය වශයෙන් අජූතයි. නිකම් වචන මාලාවක් හැටියට සාමාන්‍යයි.

      Delete
    2. ස්තුතියි කුරුටු ගෑ ගී පවුර ඔබට හැමදාම වගේ...

      Delete
  2. කරන කලට පව් මීරිය මීසේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.

    ඔය වගෙ අයට අක්කෙ අනිත් මනුස්සයන්නෙ දරුවොත් ගැහැණුත් ඒ මනුස්සයන්ට වටින වග මතක්‍ වෙන්නෙ තමන්ටත් මොකක් හරි වුණාම.
    පව් අර ගෑණු මනුස්සයොයි ළමයිනුයි

    අපූරු වට අකුරු කරල
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ නුඹට.

      Delete
  3. මේ කවි නම් මේලෝකෙ රහක් නෑ... කවි පොත් ටිකක් අරන් කියවන්න...

    ReplyDelete
    Replies
    1. හා.. ඔබේ අවවාදය හරිම වටිනව.. හැබැයි ඉතින් ඇනෝ නොවී හරි නමින් ඔය අවවාදය දුන්න නම් මම හිස් මුදුනින්ම පිළිගන්නව.

      ස්තුතියි ඇනෝ ඔබට.

      Delete
  4. "" ළපටි කරලක් කිරි වැදී ඇති
    ඉරිඟු යායෙන් ගෙන ගියා
    කරටි වෙන්නට ගැසූ දිනයට
    කැකිරි පල පල හපය කෙරුවා""

    කාටවත් නොතේරෙන එක තමයි පුදුමේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ... කාටවත් නොතේරෙන එකනෙ පුදුමෙ..

      ස්තුතියි හැමදාම වගේ ඔබටත්.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...