පිපි වැටෙන පිනි බිඳු මිළ කරන්
සිසි උවන ගැන කවි කිව් තරන්
නැගි සුසුම් ලය තුල තද කරන්
මගෙ බිසවුනේ රිදුම් මේ තනි යහන්
සිසි උවන ගැන කවි කිව් තරන්
නැගි සුසුම් ලය තුල තද කරන්
මගෙ බිසවුනේ රිදුම් මේ තනි යහන්
තෙත මුහුල නුඹෙ වැදුන, කිති මැදින්
ගඟ ගලා ගිය හැටි සෙනේ, පපුවත් පලන්
මඳ අඳුර එන විට වැට මායිම පැනන්
මගෙ බිසවුනේ රිදුම් දෙයි තනි යහන්
ගඟ ගලා ගිය හැටි සෙනේ, පපුවත් පලන්
මඳ අඳුර එන විට වැට මායිම පැනන්
මගෙ බිසවුනේ රිදුම් දෙයි තනි යහන්
සව්සිරි යස ඉසුරු ගැන තුන්සිත මවන්
නුඹ ගිහින් දුර තනියම නැව් නැගන්
හිත පිපෙන ආදර කුසුම් සුරැකිව තියන්
හිටි මුත් නැහැ සතුට බිසවුනේ තනි යහන්
නුඹ ගිහින් දුර තනියම නැව් නැගන්
හිත පිපෙන ආදර කුසුම් සුරැකිව තියන්
හිටි මුත් නැහැ සතුට බිසවුනේ තනි යහන්
ගුලිවෙලා රැය එවන සීතලට නුඹ ගැන සිතන්
පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්
හිනැහිලා ඉවරයි දැන් වරෙන් අපුලයි තනි යහන්
පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්
හිනැහිලා ඉවරයි දැන් වරෙන් අපුලයි තනි යහන්
//පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
ReplyDeleteබැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්//
Rythm weird here..
එකඟයි අත් දෙකම උස්සල..දිව උලුක් වෙනව දැනුණා.. ඒත් කම්මැලි කම කියන සර්පයා මට දෂ්ඨ කලා..
Deleteස්තුතියි දේශකයෝ..
එළ කොල්ලෙක්.. හැක්..
Deleteපොඩි ගතියක් නැත්තෙමත් නෑ...
ReplyDeleteඇත්තටම පොඩි නෙවී ලොකු කික් එකක්
ලස්සනයි දිනිති අක්ක ජයවේවා
බොහොම ස්තුතියි මල්ලියේ..
Deleteමං ගැනම හිතල ලියුව වගේ..
ReplyDeleteනොනිදා ඉන්න එපා දේවී..
නොනිදා ඉන්න එපා දේවී..
මට එන්න වේද දේවී..
මමත් නොවෙයි දෙවිත් නොවෙයි
කවුරුනම් දනීවී.. :/
හ්ම්... හ්ම්... බොහොම ස්තුතියි කළ්‍යාණ මිත්‍ර ඔබට..
Deleteබොහොම ස්තුතියි වැව් ඉස්මස්ත
ReplyDelete