පයින්ස් ගස්වල පත් අග කිනිසි වැනි
තැන් වැදෙනකොට තුරුණු කන්දක
අනුබදී සිහිල් දිය බිඳු හඳන්නට
මිහිපල් කමක් වැනි වරමකි එයද
තැන් වැදෙනකොට තුරුණු කන්දක
අනුබදී සිහිල් දිය බිඳු හඳන්නට
මිහිපල් කමක් වැනි වරමකි එයද
සකියනි වලාකුළු වැටෙනා විට සිරුරට
කෝමල කමක් ගයි නිරතුරු ලෝචන
කියුඹු ලතා කිති කැවි කැවි වැදෙන විට
මින්දද සිඹින මල්වැනි කදු මුදුනකට
කෝමල කමක් ගයි නිරතුරු ලෝචන
කියුඹු ලතා කිති කැවි කැවි වැදෙන විට
මින්දද සිඹින මල්වැනි කදු මුදුනකට
මැසිවිලි දැනෙන බව හිතුවත් හිතවතුණි
ඇසිපිය සලන දේදුනු සඟවයි නිරතුරුම
වයිරම සිඹින අඟලක් අඟලක් නෑර
සෙයිලම වගේ කන්දක් දඟලයි බෝම
ඇසිපිය සලන දේදුනු සඟවයි නිරතුරුම
වයිරම සිඹින අඟලක් අඟලක් නෑර
සෙයිලම වගේ කන්දක් දඟලයි බෝම
2015/07/09
කන්දක් වුණත් හැගීම් ඇති නේද ඇත්තට
ReplyDeleteලස්සනයි...
ජයවේවා
ඒකනෙ මල්ලි.. කන්දක් වුනත් මොන තරම් දේ හිතෙනව ඇද්ද....
Deleteබොහොම ස්තුතියි ඇවිත් ගියාට...
ලස්සනයි..................... අමුතුම හැගීමක්..... හැගීම වචන කරලා
ReplyDeleteස්තුතියි කුරුටු ගෑ ගී පවුර ඔබට...
Delete