Thursday, July 9, 2015

තැවීම තැනීමක් ඇවැසිමද ?

ඉකිබිඳුම් ඉකි ගස ගසා සිරවෙයි
නුඹට විතරක් ඇහෙනවද
මේ බැදුම් තව පොඩිම පොඩි කාලයයි
ඉතින් මේ හැටි හිත් රිදෙනවද

වසත් කාලය සිසිර සෘතුවත්
එක තැනක නෑ රැදෙන්නේ
සිතින් උපදින අපේ හැඟුමන්
ඒ වගෙයි මට දැනෙන්නේ

සියුම් ඉසියුම් තැන් සොයා
හැඩුම් වැළපුම් ඇයි තැනෙන්නේ
නැවුම් උදයක් හෙටත් පිබිදේ
කුමට විරසක කම් සිතන්නේ

3 comments:

  1. කඳුලක කැලලක් ඉතිරි වෙලා!!!

    ReplyDelete
  2. ලස්සන යි කවිය.
    හිරවෙන්නෙ නැතිව බුකියෙම
    ආව නං හොඳ නේද මෙහට්ටත්
    සතියකට දවසක්
    විතර වත්

    ReplyDelete
  3. ලස්සන යි කවිය.
    හිරවෙන්නෙ නැතිව බුකියෙම
    ආව නං හොඳ නේද මෙහට්ටත්
    සතියකට දවසක්
    විතර වත්

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...