Sunday, November 4, 2012
***වියපත් නොවන සිනහව හදවත් සිම්ඹේ ***
නිල්වන් කඳු යාය වටකර ගී කියන
දිලිසෙන ජල දහර සෙවණැල්ලත් පෙනෙන
හැංගෙන කිරලු එහෙ මෙහෙ සිට එබි බලන
"මා" වී වැවෙන බිම අම්මා පන් නෙලන......
අඩියක් දියේ තියනා විට හෙල්ලෙන සද්දේ
පලුවක් හදේ ගැස්සෙන හැටි සිතුවිලි මැද්දේ
සවියක් නොමැති කැණි මඩලයි ඇගෙ දිවි කන්දේ
අවියක් වගේ පන් දෑතින් ඒකයි ඇද්දේ....
ගල්ලැහැ,තුන්හිරිය,මිතුරන් එකටයි ඉන්නේ
අසලින් ඇළ දිගේ වැටෙකෙයියා හිනැහෙන්නේ
කූඩැලි කැලත් ඇවිදින් මනිමින් දිව යන්නේ
මේවා එකින් එක අම්මා පිළිවෙල දන්නේ.....
මදුවැල් හයිය පොටකින් මිටියම තද කරලා
හිස බැදි චීත්තය උඩ කරඩුව සේ තියලා
දකුණත නැමී දිය හබරල යහමින් කඩලා
මුදුනට සූර්යා එන්නට පෙර වැට පැනලා....
සරසා මිඳුල හැඩ වැඩ කර අතුරන්නේ
කිටියා ගිහින් සෙල්ලම් ටික පෙන්වන්නේ
දඟයා නොවී සිප් කිරි ටික උරපන්නේ
නොකියා මදෙස බලනා වතෙ ලියවෙන්නේ....
කොළ,රතු පාට සායම් අතැඟිලි සිම්ඹේ
හිරු සඳු එක්ක අලුතින් හුස්මක් පිම්බේ
කොඩිපත්,හැඹිලි,මාගල්,පැදුරුත් තිබ්බේ
වියපත් නොවන සිනහව හදවත් සිම්ඹේ....
______________________දිනිති ___
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
හරිම අපුරු නිර්මානයක් කලෙකින් කියවපු හොද එකක්,,, :D
ReplyDeleteබොහොම ලස්සනය ලියැවිලා තියන කවි පන්තියක් දිනිති. හරි අපුරුවට පරිසරය හද ගැහෙන රාවට මේ සේරම රුපනය වෙලා මගේ දැස් ඉදිරිපිට පෙනෙන්න ගත්තා මේ නිර්මාණයත් එක්ක.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate) දුවන එකා
නියමයි අක්කි...... ලස්සන කිවි පංතියක්
ReplyDeleteකවි පන්තියම අපූරුයි !
ReplyDeleteමේ කවිය කියවනකොටම සිහියට අවේ නන්දන වීරසිංහ කවියටෙග් "ගිංඟේ විලාපය" කවිපොතේ දුම්මල ගලට ගිය අම්මා කවිය.මේකත් ඒ වගේම ලස්සනයි
ReplyDelete