Monday, October 22, 2012

මතකය එක්ක රිදවුම් මටමයි ඇත්තේ

  
කවියෙන් හුස්ම පිඹිනෙමි මම හිමිසඳුනි
ලියුමක් ලියන්නට බැහැ අතැගිළිරිඳුණි
තහනම් ගහක ගෙඩි කන ඔබ හිත මැවුනී
නොරටුන් මැදදි අසරණ කම තවදැනුණි
 මසුරන් අරන් එන්නට මා නැව් නැගුණේ
ගෙරවුම් තවම හීනෙන් නිතරම ඇසුණේ
තනිකම් අපුල ඔබ හට නැහැ නොවැ දැනුනේ
පැටවුන් ටිකයි උලලේනිට මඟ ඇරුනේ

කැහැපට ගසාගෙන සරමත් ඔබ හැන්දෑවේ
තනපට ලෙහෙන ගැහැණිය වැල්ලෙදි මා දුටුවේ
තම පිට වරද ගන්නට අකමැතිවයි ගැසුවේ
හෙමිහිට නොකියාම දුරු රට නැවතුම තැබුවේ

ගිනියම් කතර නැහැ සිහිලක් කිසි දවසේ
ඇරයුම් නැතත් අව් වැසි එයි රිසිසේ
දෑගිලි බැන්දෙ විඳිනට දුක සැප සමසේ
පෑවිලි එක්ක නියගයෙ රිදවුම්  තිස්සේ...

7 comments:

  1. Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  2. ලස්සන කවි සිතිවිල්ලක්

    ReplyDelete
  3. නියමයි, මට මතක් වුණේ වෙස්සන්තරේ කවි..අපූරුවට ලියලා තියෙනවා. වචන වල සුඛනම්‍ය භාවය ගැන තවත් සැලකිලිමත් වුණා නම් හොදයි කියලා හිතෙනවා. මොකද මේ කාන්තාව හරිම සියුමැලි කාන්තාවක්, ඈ ගොරහැඩි නැහැ, ජීවිතයේ ප්‍රශ්න නිසා ඈ අසරණ වෙලයි ඉන්නේ ,,මේ ටික වචනවලින්ම දෙන්න ඕනෙ- කොහොමවුණත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...මේ කියා දෙන දිරිගැන්විම් වලට...

      Delete
  4. අපූරුයි දිනිති අක්කේ කවි පෙල හැමදාමත් වගේම..

    ReplyDelete
  5. හදවතට දැඩි වේදනාවක් දනවන අපූර්ව රචනයන් දිනිති ජයවේවා.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...