Saturday, October 20, 2012

යායුතුයි කෙළවර දකින්නට

ජීවිතය අද්ද අද්දා යයි
බරව සෑදුණ කකුල් වාගේ
හුස්ම ටික හැරමිටිය සේ
ඉහළ පහළට ඇදෙයි....
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට......

නෙත් ඉවුරු පුපුරු ගසමින් රිදෙයි
පිටාරය යන්නට කඳුළු සැරසෙයි
එක පිටට එක ඇස් පියන් ගසමින්
තවත් හංගන් ඉන්න දඟලයි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දුක වුනත් සැපක් විලසට
හැප්පෙනා විට දිවිගමනෙ
සැප නැතත් ආ මඟ දිගට
ගැස්සෙනා හැටි හද දනියි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

ඉබාගාතේ නන් දෙස දුවන
සිතුවිල්ල දණ නොගසනා හැඩ
නිරපරාදේ ගෙවුන කාලය
දෙස බලා පසු තැවෙනු නොහැකිය
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

දිග් විජය නොකෙරුවත් පැතුමන්
මලක්වත් පිපිය යුතු නොවෙද හෙට
අස් කරල හිත කුණු වලින් දැන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....

කතා නොකරන කණ්නඩිය වෙත
එබි දොඩමලු කම් කරයි
මුදා අහුමළු එක්ක හිත ලතැවුලෙන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට....

දුප්පත්ම මේ රාත්තිරයෙදි අද
පොහොසත්ම එක තරුවක් සොයා
නාදුනන සිතුවිල්ල එකතු කර
යවමි පූදින්න කැකුළක් වෙලා....
දකිමි එදිනට යායුතුම ගමනේ කෙළවර.....

12 comments:

  1. "යායුතුයි මේ ගමන කෙළවර දකින්නට"

    ඇත්තටම ලස්සන නිර්මාණයක්.ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ..

      Delete
  2. දිනිති ඔබ නම් සිරා කවි කාරියක් නේ...හරිම අගෙයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්..

      Delete
  3. මේ ගමනේ කෙලවර වෙනකන් යන්න ඕන.. ඒ කතාවනම් ඇත්ත දිනිති අක්කේ.. ලස්සනයි..

    ReplyDelete
  4. දිනිතිගේ අඩවියේ බොහෝවිට කියවන්න ලැබෙන්නෙ කවි වුණත් ඒවා ගීතවත් බවක් තබුණේ දිනිති ගිතලියන නිසා. ඒත් අදනම් සුපිරි කවියක් කියෙව්වා. මේක නම් කවිකාරකමෙන් අනූන කවියක්

    ReplyDelete
    Replies
    1. //දිග් විජය නොකෙරුවත් පැතුමන්
      මලක්වත් පිපිය යුතු නොවෙද හෙට//
      ජිවතෙත් එක්ක හුගක්ම ලගින් යන නිසාද කොහෙද වැඩියෙන්ම වැදුනේ ඔන්න ඔය පද ටික

      Delete
    2. ඔව් දයානන්ද අයියෙ..මම හුගක් වෙලාවට ගීතය විදිහට ලියන්නෙ..ඒ ලියනව නෙමෙයි ඉබේම ලියවෙනව... ඒත් ඇබින්දක් හිතුවම ඒ ශෛළ්‍ය වුනත් වෙනස් කරන්න පුලුවන් කියල මටම දැන් තේරෙනව...බොහොම ස්තුතියි අයියෙ.

      දිනෙල්ක බොහොම ස්තුතියි ඔබටත්...

      Delete
  5. කවි කාරියෙක් නෙමෙයි කිව්වට දිනිති අක්කගේ කවි වල හරි අපුරු රසයක් තියනවා. ඉතින් ඒ රසේ දෙන්න කවි කාරියකට හැරෙන්න වෙන කාටද පුළුවන් ?

    ReplyDelete
    Replies
    1. කවිකාරියක් වෙන එක මගෙ හීනයක් මල්ලි....බලමු...

      ස්තුතියි ඔයාට.

      Delete
  6. සරල බවින් දැනෙන විදියට ලියලා.ඇත්තටම මට ඒ තරම් කවි තේරුම් ගන්න බැ.එත් ඔබේ කවි තේරෙනවා
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයනි...ඇවිත් යන්න එන්නම් නොවැරදිවම ඔබේ අඩවිය පැත්තෙත්...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...