Sunday, October 14, 2012

***ආරුක්කු කවියක් යටට එන්න ***


අතරමං සිතුවිල්ලක
මතක මන්තර ගොතන
කටකාර වචන
හොරකම් කරන
ආරුක්කු කවියක් යටට
එන්න...

වචන වලින් ඇන ඇන
හදවතේ ගැඹුර කොනහන
මනමාල නල විත් කළඹන
කෙහෙරැලිත් සිල් බිඳින
මන්දාරමට ලොබ බැදන්
ආරුක්කු කවියක් යටට
එන්න.....

නිඹරට අත වනන
කණාමැදිරි එළි එබිකම් කරන
කලාවට බර නැටටුක්කාර
ඕකිඩ් මල් වියනක් මැදින්
‍නුරාවට ඇස් පියන් වැසෙන් නැති
සුරාවට කිසි ලොල් කමක් නැති
ආරුක්කු කවියක් යටට
එන්න....

අත්පුඩි ගසන තුරු පත් ළඟක
පැද්දිලා රහස් බලමින් ඇස් පියන
හැංගිච්ච දෙමලිචි පැටවු දෙන්නෙක්ට
සුව යහන් තනන
ආරුක්කු කවියක් යටට
එන්න....

දම් පැහැති සළු ඇදන්
ඇඟ හිරි මැලි කඩන වළා රෑනක්
හොරෙන් හොරෙන් අඩි තිය තියා
පුරුද්දක් නැති පුරුදු කවියක
අලුත් වචනයක්, අකුරු හතරෙන්
දෝත මැද ගුලි කරන්නට
ආරුක්කු කවියක් යටට
එන්න....

සේන් ගගේ රැලි පිට රැලි ඇදී යතී
මාත් හිතත් මුහුදු හතින් වෙන් කෙරෙතී
පාන් පැල ළගින් ආරුක්කුවක් ඇතී
හීන් සීරුවට එනවද කිසි කෙනෙක් නැතී...

12 comments:

  1. සේන් ගගේ රැලි පිට රැලි ඇදී යතී
    මාත් හිතත් මුහුදු හතින් වෙන් කෙරෙතී // මෙ පද පෙලි 2 කට තමයි මම අසාම.. අපුරු කවක්....

    ReplyDelete
    Replies
    1. මටත් ඒක දැනුන හුගක්ම...
      ස්තුතියි සචිත්...

      Delete
  2. හරිම රසවත් කවක් නේ...ආසම ආසයි

    ReplyDelete
  3. අපූරුයි... කියවනකොට මොකක්දෝ අමුතු හැඟීමක් දැනුනා... ඒත් ඒ හැඟීම මොකක්ද කියන්න අපිට කවි සිතුවිලි පහල වෙන්නේ නැ නේ... ඉතින් මොකෝ කරන්නේ...
    කවි පෙළ නම් ලස්සණයි... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරන්න දවසක අනිවාර්යෙන් කවි සිතුවිලි පහල වෙයි..ඕනිම දෙයක් දිහා රසවත්ව බැලුවහම ඉබේම කවි ලියවෙයි...

      ස්තුතියි අලුත් මල්ලි.

      Delete
  4. ගොඩාක් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ හුගක්ම...

      Delete
  5. අන්තිම කවිය නොතිබුනා නම් උපරිමයි."ආරුක්කු කවියක් යටට
    එන්න" මේ ටික ලස්සන යෙදුමක්.

    ReplyDelete
    Replies
    1. ආරුක්කු කවියක් යටට එන්න කියන එක ඉරිදා දවසෙම මට වද දුන්න වචනයක් අයියෙ හිතේ...ඒක මම බෑග් එකේ තිබුණ පොතේ ලියාගත්ත...ගෙදර ඇවිදින් ඔන්න ඔහොම කවියක් වුණා....ස්තුතියි බොහොමත්ම..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...