Wednesday, October 28, 2015

ජීවිතේ චිත්‍රයක් මිස්


________________________________________
(අට වසරේ සිට සෞන්දර්යය විෂය සදහා චිත්‍ර තෝරගැනීම හේතුවෙන් සාමාන්‍ය පෙළ දක්වා ගෙවුන සෑම වසරකම වැඩි කාලයක් චිත්‍ර පාට කරන්නට දිය සායම් නැති වීමේ හේතුවෙන් පන්තියෙන් පිට සිටීමට සිදුවීම )
_______________________________________
"කුමුදුනී "නම වුනත් 
දකින විට ඔබේ රුව
මළමිනී දුටු ලෙසට
මගේ හද බිය වුනා
දිය සායමක් දිය කරන්නට
ජීවිතේ දියවරක් නැති විට
දිය කඳුර පාද ගන්නට
ඕනැ හින්දයි ආවෙ අකුරට
සුදු ඩ්‍රෝවින් පොතේ පැන්සල් ඉරි වලට
කළු උවනතක් මවන් ඔබ යස අපූරුවකට
හරි තේරුමක් දන්නැති පොඩි කෙල්ලකට
විද්දා හීය පපු කැනති එළියට පනින්නට
කෝපි පොලූ පාරවල් දෙකයි අත් දෙකට
ජම්බෝල සයිස් කඳුළු ගුලි දෙකයි ඇස් දෙකට
දණ ගහන් පීරියඩ් දෙකයි ගිනිගහන අව්වක
බිම බලන් තනියමම ඇඩුවෙ, මම තමයි එ'දවසක
හදා ගන්නට බැරි තරම් ජීවිතේ ගැඹුරට
එදා අතපසු වුනේ නැති බැරිකමට
රටා මල් සාරිය ඇදන් ආ "කුමුදුනී මිස් ", පුරුද්දට
වගේ එනවා තාම ඔබ මගේ හිත අගිස්සට
සෘණ නොවෙන සිතුවිලි තෙරපගෙන
දින ගණන් ගෙවුවා කුස, තද කරන් ගින්නකට
තිර අදිටනින් නොසෙල්වුන පොඩි කෙල්ලෙකුට
ජීවිතේ මිස් වුනේ නෑ මිස්, බැන්නාට සද්දෙකට.

8 comments:

  1. ළෙමයෙක් දිහ බලල මානුෂික විදියටහිතන්න බැරි අය එදත් අදත් ඉන්නව දිනිති අක්ක. ඒක වෙනස් වෙන්නෑ.. ඒත් අර කියල තියෙනව වගේ මිස් ල හිංද ජීවිතේමිස්කර නොගන්න අය හරි අඩුයි.
    හරිම අපූරුයි දිනිති අක්ක..
    විචාරක තුමත් මේකට සමාන්තර අදහසක්තියෙන පෝස්ට් එකක්දාල තිබ්බ පුලුවන් නං බලන්න
    ජයවේවා
    කවිය අගෙයි ඈ... අමතක වුණා නෙවී...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ.

      Delete
  2. අඩේ මමත් චිත්‍ර තමා කලේ. හැබැයි අපිට තෝරාගන්න තිබ්බේ 7 වසරේ ඉඳන්.

    ReplyDelete
    Replies
    1. අපිට හය වසරෙ ඉදන්. මම නැටුම් තෝරගත්තෙ. ඒත් 8 වසරෙදි නැටුම් මිස්ට මාරු විමක් ලැබුණා. ඊට පස්සෙ නැටුම් මිස් කෙනෙක් ආවෙ නැති නිසා චිත්‍ර වලට ගිියා

      Delete
  3. නියමයි දිනිති අක්කේ..ගුරුවරු තමන්ගේ කාර්යය නොහැඳිනගැනීමේ අවාසනාව..

    ReplyDelete
    Replies
    1. මේ පුංචි නංගා ගැන මම අදයි හරියටම දැනගත්තෙ. හරිම සතුටුයි නංගා. මගේ මේ කවිය ගොඩක් දුර ගිහින් කියලත් ආරංචිය ආව.
      මේ මගේ ඇත්තම මට වෙච්ච කතාවක් නංගා. ඒ මිස් අද හමුවුනොත් මම ආසයි ආදරෙන් අතිතය මතක් කරල වර්තමානය පෙන්වන්න .

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...