අල්මාරිය තුළ සුවඳ කව කවා ඇති
වටිනාම කමිසය ඔබ
කාටවත් දකින්නට ඉඩක් නැති
හදවතේ සියුම් හැඟුම් පොම්ප කරමින්
රෝම කූප කෙලින් කරවන
සඟවා ඇති කමිසයක් ඔබ
වටිනාම කමිසය ඔබ
කාටවත් දකින්නට ඉඩක් නැති
හදවතේ සියුම් හැඟුම් පොම්ප කරමින්
රෝම කූප කෙලින් කරවන
සඟවා ඇති කමිසයක් ඔබ
නින්දට පෙර දෑත මත සැතපෙන
තොල් මතින් උණුසුම්ම හාදුවක් ලබන
පපුවට තියන් තද කරන්
වෙනම ලෝකෙට මා අරන් යන
සුවඳවත් කමිසයක් ඔබ
තොල් මතින් උණුසුම්ම හාදුවක් ලබන
පපුවට තියන් තද කරන්
වෙනම ලෝකෙට මා අරන් යන
සුවඳවත් කමිසයක් ඔබ
උදෑසන පිබිදුමේ අලුත් හුස්මට
කොනිති ගසමින් මා අවුස්සන
යන යන තැන් අරන් යන්නට
හිත කෑ ගසා ඉල්ලන
අල්මාරියට දා ආයෙමත් අරිමින්
නැවතත් නැහැයට සුවය උරාගන්නා
මගේ පපුවටම ගී සිංදු කියන
ගැහැණු ඇදුම් ගොඩක් මැද
උඩින්ම තියෙන කමිසයක් ඔබ
කොනිති ගසමින් මා අවුස්සන
යන යන තැන් අරන් යන්නට
හිත කෑ ගසා ඉල්ලන
අල්මාරියට දා ආයෙමත් අරිමින්
නැවතත් නැහැයට සුවය උරාගන්නා
මගේ පපුවටම ගී සිංදු කියන
ගැහැණු ඇදුම් ගොඩක් මැද
උඩින්ම තියෙන කමිසයක් ඔබ
හ්ම්ම්ම් හිත හීලෑ නෑ ....
ReplyDeleteදිනිතිගේ බ්ලොග් එකටත් අවුරුදු පහක් වෙන්න එනවා නේද? දාමු පාටියක්
පහ ඉවරයි ඉවාන්, හයවෙනි එක සමරන්න තියෙන්නෙ එන මාර්තුවෙදි... :-)
Deleteඅවංකවම ලස්සනයි..... ලස්සනම ලස්සනයි......
ReplyDeleteස්තුතියි ආර්යන් !
Deleteඇයි වස්තුවේ ඇනෝ කොමෙන්ට් කපන්නේ
ReplyDeleteමට අනන්‍යතාවයක් තියෙන හින්දා මුහුණු හංග ගත්ත කොන්ද පණ ඇති උන්ව ප්‍රමෝට් කරන්න අවශ්‍ය නැති නිසා
Deleteතේරුනේ නම් නැද්ද කොහෙද... එත් ඉතින් කමක් නෑ...
ReplyDeleteහෙ හෙ ආයෙ වෙලාවක කියවලම බලන්න. එතකොට තේරෙයි මල්ලි..
Delete