Monday, October 26, 2015

ජීවිතය සර්පයෙක්

ජීවිතය කියන්නේ තැන තැනින් පිම්බෙන
හිටි ගමන් ශාන්තව තව විටක විසකුරුව
පොළව මත සරන සර්පයෙක් වාගෙමයි
"ආනන්ද සර්පයෙක් දුටාවද" කියා බුදුහිමි ඇහුවෙ
මුදල් පොදියට වුනත්
ජීවිතෙත් මුදල් නැතිවම බැරි
සර්පයෙක්, සර්පයෙක්, සර්පයෙක්
මුදල්, මුදල්, මුදල්, මුදල්
මේ ගමන කෙළවරක් නැති මුදල්මයි
"කෑම වියදම මදි"
"දැන් ඉස්සර වගේ කන්න බැහැ"
අම්මගේ කටහඬ
"පොඩි එකී ඉස්කෝලෙ කොන්වෙයි"
"ළමා සාරියක් මහගන්න ඕනි"
"විවිධ ප්‍රසංගයෙ කුළු නැටුමක් "
අක්කෙග් කඩහඬ තව අතකින්
ජිවිතය පොළන්නට බැරි බව කුල්ලකින්
දන්නවා නම් ඒ පොඩි එකී
බැංකු පොත හැම සතියකම සදුදාට
නිවාඩුව දවසකට කන්න දෙන ඒකත්
හූරෙගන සුදු සිනා පුරවගෙන
ඉලක්කම් වැඩියෙන්
ඩිජිටල් තිරයක පෙනෙද්දී
තත්පර ගණනකින් ආපහු
ඉලක්කම් දෙක තුනට බහින හැටි
ඒ තමයි ජීවිතය,
අයිස් වෑන් එක ළග බිම බලාගන්නට හිතෙන
ලංකාවෙ කෑම රස දැනෙනකොට
නහය වහගන්න හිතෙන
මුදල් හුවමාරු තැනට ගොස් පසුම්බිය අතගාගෙනම
අවසාන කාසියට ජංගම දුරකථනයෙන් ඉලක්කම්
කපන, කොටන,ඉරන, මහන,
විනිමය අනුපාතය පඩි ලැබෙනදාකටම
පල්ලෙහා සිට විසිල් කරන
මේ ජිවිතය සර්පයෙක්
විටෙක ශාන්තව
ආයෙමත් විසකුරුයි
බඩ පොත්තට කොයි තරම් දේ ඉල්ලුවද
සරදමක් කර කොනිත්තනවා හැර
අලුත් ඇදුමක්, සපත්තු දෙකක් අතඟා ගොස්
ආයෙමත් තියල එන
මේ ජිවිතය හෝ හෝ ගාන සයුරට පැන
නැති කරගන්නට හිතෙන
කිසිම දවසක තිර ලෙසට
මෙන්න මේකයි නොකියන
ජිවිතය කරකවන හැටි
එහෙ මෙහෙට
කුසගින්න, ආසාව, විනිමය අනුපාතය,
පොඩි එවුන්, අම්මගේ බෙහෙත්, දොස්තර වියදම්
නෑදෑයින්, මඟුල් ගෙවල්, මළ ගෙවල්, යාළුවන්
නිවෙන දැල්වෙන විදුලි එළි වගේ
මගේ හිස වටා නිවි නිවී පත්තුවෙන
මේ ජිවිතය අතරින්න බැරි හැටි
කවි වෙලා දුක උපදින්න
පේලියක් ඉස්සර කර පනින්නට හදන
අකුරු වල කඳුළු පෙරෙන
ජිවිතය, ජීවිතය, ජීවිතය, ජීවිතය
තේරෙන දා සිටම එකම දේ මන්ත්‍රයක්
මතුර මතුරා ජීවිතය, ජීවිතය, ජීවිතය

6 comments:

  1. හපොයි ගෝනියකට දාපු කවියක්.. කියවන්න කම්මැලියි

    ReplyDelete
  2. ඇත්තටම ජීවිතය ද සර්පයාමුදලදසර්පයා...
    දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදල තමා පාලන සාධකය. එහෙව් අතිං බැලුවාම සර්පයා = ජීවිතය කියනවට වඩා සර්පයා=මුදල කියන එක සාධාරණයි හිතෙනව..

    ReplyDelete
  3. දැන් නම් ජීවිතේ සර්පයකෙට වඩා අන්තයි. අපි ඒක හොඳට අත් විඳිනවා. සල්ලි නිසාම නෙවේ. දැන් හැම දෙකටම මිලක් නියම වෙලා. ඒ මිල ගෙවාගන්න කරන්න ඕනේ සටන සුළුපටු නෑ... "ආනන්ද, සර්පයා දුටුවෙහිද?"
    මේ නම් තුන් කල් බලා වදාළ කියමනක්.

    ReplyDelete
  4. ජීවිතේ රුදුරුයි සර්පයෝ තව හොඳයි

    ReplyDelete
  5. අමිබෝ මටනමි දැන් සර්පයා එපා වෙලා තියෙන්නේ

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...