Friday, October 9, 2015

මා ජීවත් කරවන කමිසක් ඔබ

අල්මාරිය තුළ සුවඳ කව කවා ඇති
වටිනාම කමිසය ඔබ
කාටවත් දකින්නට ඉඩක් නැති
හදවතේ සියුම් හැඟුම් පොම්ප කරමින්
රෝම කූප කෙලින් කරවන
සඟවා ඇති කමිසයක් ඔබ
නින්දට පෙර දෑත මත සැතපෙන
තොල් මතින් උණුසුම්ම හාදුවක් ලබන
පපුවට තියන් තද කරන්
වෙනම ලෝකෙට මා අරන් යන
සුවඳවත් කමිසයක් ඔබ
උදෑසන පිබිදුමේ අලුත් හුස්මට
කොනිති ගසමින් මා අවුස්සන
යන යන තැන් අරන් යන්නට
හිත කෑ ගසා ඉල්ලන
අල්මාරියට දා ආයෙමත් අරිමින්
නැවතත් නැහැයට සුවය උරාගන්නා
මගේ පපුවටම ගී සිංදු කියන
ගැහැණු ඇදුම් ගොඩක් මැද
උඩින්ම තියෙන කමිසයක් ඔබ

8 comments:

  1. හ්ම්ම්ම් හිත හීලෑ නෑ ....

    දිනිතිගේ බ්ලොග් එකටත් අවුරුදු පහක් වෙන්න එනවා නේද? දාමු පාටියක්

    ReplyDelete
    Replies
    1. පහ ඉවරයි ඉවාන්, හයවෙනි එක සමරන්න තියෙන්නෙ එන මාර්තුවෙදි... :-)

      Delete
  2. අවංකවම ලස්සනයි..... ලස්සනම ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආර්යන් !

      Delete
  3. ඇයි වස්තුවේ ඇනෝ කොමෙන්ට් කපන්නේ

    ReplyDelete
    Replies
    1. මට අනන්‍යතාවයක් තියෙන හින්දා මුහුණු හංග ගත්ත කොන්ද පණ ඇති උන්ව ප්‍රමෝට් කරන්න අවශ්‍ය නැති නිසා

      Delete
  4. තේරුනේ නම් නැද්ද කොහෙද... එත් ඉතින් කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ආයෙ වෙලාවක කියවලම බලන්න. එතකොට තේරෙයි මල්ලි..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...