Monday, September 28, 2015

මොනිකා රුවන් පතිරණ වෙත ලියමි

පියුම් විලෙන් කවි මල් වැල් නෙලාගෙන
සියුම් තැනින් හිත් පතුලට ඔබාලන
නැවුම් රසෙන් පිරි නිමැවුම් පුරෝගෙන
වැදුම් ලබන කිවිඳිය ඔබ සදාතන


කිරණ රැසින් දකුණු ලකේ බබලාන
පහන නුඹයි සිරිලක අපෙ කවියාන
නුවණ පිරුණු දුව විය නොම වරදාන
මුහුණ මතක අය වෙති තව අපමාණ


හෙළ කවි වලින් හැමතැන නුඹ වපුරාම
පළකල තෙපුල් මිහිරිය අපහට හැමදාම
පරපුර නූතනේ යයි නුඹ ගිය පාරේම
ඉඳහිට අයකු අසනව කවුරුද කියලාම


පිලිකා මාරයා ඇවිදින් ගියෙ කැන්දාන
නොනිදා ඉන්න නොහිතුවෙ ඇයි තව කල්ම
හැර දා ගියපු එක යහපති යැයි හිතුනේද
කිසිදා නොඑන් මෙහෙ බොරු මුහුණුයි බෝම

සරතැස නිවන්නට සක්වල තෙර සිටිනවද
මඳහස නුඹේ කවි තුළ සිට අත වනනවද
පෙර කළ නොවේ දැන් කිවිවරු දුටුවාද
ගිය එක හොඳයි "මොනිකා" ඔහෙ සුවයෙන්ද ?

6 comments:

  1. මං නං හිතන්නෙ ගිය තැනක ඉන්න තැක සතුටින් ඇති කියල. ඇයි අප්ප ඒ කවි කියවන කී දෙනෙක් පිං දෙන්න ඇත්ද..
    තේ දල්ලේ කදුල නේද අර කවි පංතිය... මං ආසම ඒකට...
    හොද මිනිස්සු ඉක්මණට දෙවියො ළගට ගන්නව කියල කතාවක් තියේ නෙ දිනිති අක්ක...
    ජයවේවා

    ReplyDelete
  2. දුක පිරුණ සුන්දර කවිපෙළක්... මට නං ෂුවර් ඒහේ හොද අැති..... ෂුවර්

    ReplyDelete
  3. ඒ ගීත ආපහු ලියවෙනවා ඇති ,වඩා සොඳුරු ලෝකෙක ඉඳන්

    ReplyDelete
  4. අපූරුයි....... විශාල සේවයක් කළ කිවිදියක් ඇය........

    ReplyDelete
  5. " විසිවසරක ශේෂපත්‍රය "

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....