Tuesday, July 21, 2015

බෙදීම - පිළිතුරක් නැත

කෝපි සුවඳට හුස්ම හිරවෙන
වීථි පසුකර යනෙන විට මට
ග්‍රීක දෙවඟන බලා හිනැහෙන
ප්‍රීති ගෝසා ඇසෙයි නිතරම

ලවණ සුවඳක් ගෙනෙන සුළඟක
මිලින පැතුමන් කොතෙක් තිබුණද
පරණ වෙන්නැති හිතේ සිතුවිලි
දුවන ගමනක තබා දිවුවද


මාර ගස් යට කාක් හඬ මැද
පාර අද්දර සිඟිති ඇස් වට
පිපී මියැදෙන සිහින කොපමණ
තියෙද සිරිලක මෙහෙට හුරු නැති


බුදු පසේ බුදු නිර්වාණ පතමින්
අතක් පෑවට සසර පාපෙට
හුදු විනෝදය කිය කියා මුන්
කොතෙක් විපරිත දේ කරනවද

කොහේ හෝ හැප්පිලා විසිවෙන
විටදි පෙරලා එමිය හුන් තැන
අහෝ ලෝකය බෙදුවෙ ඇයි
ඇති එකා නැති එකා විලසට

-------------2015/07/20 -----------

3 comments:

  1. ඇති එකා නැති එකා ලෙසට මැවුවත් කාටවත් උදව් කරන්න හිතෙන්නෙ නැති කුහක උං මැව්වෙ ඇයි... කියල හිතිල තියෙනව...
    නැත්තං උදව් ගත්තත් ඒකෙ කෙලෙහි ගුනේ තියන්නෙ නැති උං මැව්වෙ ඇයි කියල හිතෙනව

    ඒ පොඩි උංට දවසක හද පායයි කයල උං හිතං ඉන්නව.. ඒත් එහෙම දවසක් එයිද කියල උංම දන්නෑ
    මංද බං අක්කෙ හිතට දැණුන කවි පෙළක්

    ReplyDelete
  2. පිළිතුරක් නැති උනාට ප්‍රශ්ණ නම් ගොඩාක් නේද?
    ලස්සනයි.

    ReplyDelete
  3. හරිම ලස්සනයි

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...