Monday, July 20, 2015

මගෙ බිසවුනේ රිදෙයි මේ තනි යහන්

පිපි වැටෙන පිනි බිඳු මිළ කරන්
සිසි උවන ගැන කවි කිව් තරන්
නැගි සුසුම් ලය තුල තද කරන්
මගෙ බිසවුනේ රිදුම් මේ තනි යහන්

තෙත මුහුල නුඹෙ වැදුන, කිති මැදින්
ගඟ ගලා ගිය හැටි සෙනේ, පපුවත් පලන්
මඳ අඳුර එන විට වැට මායිම පැනන්
මගෙ බිසවුනේ රිදුම් දෙයි තනි යහන්

සව්සිරි යස ඉසුරු ගැන තුන්සිත මවන්
නුඹ ගිහින් දුර තනියම නැව් නැගන්
හිත පිපෙන ආදර කුසුම් සුරැකිව තියන්
හිටි මුත් නැහැ සතුට බිසවුනේ තනි යහන්

ගුලිවෙලා රැය එවන සීතලට නුඹ ගැන සිතන්
පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්
හිනැහිලා ඉවරයි දැන් වරෙන් අපුලයි තනි යහන්


8 comments:

  1. //පාවෙලා යන තුට පමණි සිහිනෙක ඉදන්
    බැරිවෙලා හරි පොඩි කුසුම් අපෙ මැල වුනොත්//

    Rythm weird here..

    ReplyDelete
    Replies
    1. එකඟයි අත් දෙකම උස්සල..දිව උලුක් වෙනව දැනුණා.. ඒත් කම්මැලි කම කියන සර්පයා මට දෂ්ඨ කලා..

      ස්තුතියි දේශකයෝ..

      Delete
    2. එළ කොල්ලෙක්.. හැක්..

      Delete
  2. පොඩි ගතියක් නැත්තෙමත් නෑ...
    ඇත්තටම පොඩි නෙවී ලොකු කික් එකක්
    ලස්සනයි දිනිති අක්ක ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ..

      Delete
  3. මං ගැනම හිතල ලියුව වගේ..
    නොනිදා ඉන්න එපා දේවී..
    නොනිදා ඉන්න එපා දේවී..
    මට එන්න වේද දේවී..
    මමත් නොවෙයි දෙවිත් නොවෙයි
    කවුරුනම් දනීවී.. :/

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... බොහොම ස්තුතියි කළ්‍යාණ මිත්‍ර ඔබට..

      Delete
  4. බොහොම ස්තුතියි වැව් ඉස්මස්ත‍

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...