Saturday, July 11, 2015

කන්දක් වුනත් දඟලනවා බෝම

පයින්ස් ගස්වල පත් අග කිනිසි වැනි
තැන් වැදෙනකොට තුරුණු කන්දක
අනුබදී සිහිල් දිය බිඳු හඳන්නට
මිහිපල් කමක් වැනි වරමකි එයද

සකියනි වලාකුළු වැටෙනා විට සිරුරට
කෝමල කමක් ගයි නිරතුරු ලෝචන
කියුඹු ලතා කිති කැවි කැවි වැදෙන විට
මින්දද සිඹින මල්වැනි කදු මුදුනකට

මැසිවිලි දැනෙන බව හිතුවත් හිතවතුණි
ඇසිපිය සලන දේදුනු සඟවයි නිරතුරුම
වයිරම සිඹින අඟලක් අඟලක් නෑර
සෙයිලම වගේ කන්දක් දඟලයි බෝම

2015/07/09 

4 comments:

  1. කන්දක් වුණත් හැගීම් ඇති නේද ඇත්තට
    ලස්සනයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි.. කන්දක් වුනත් මොන තරම් දේ හිතෙනව ඇද්ද....

      බොහොම ස්තුතියි ඇවිත් ගියාට...

      Delete
  2. ලස්සනයි..................... අමුතුම හැගීමක්..... හැගීම වචන කරලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ගෑ ගී පවුර ඔබට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...