Thursday, July 3, 2014

කට කහනවට


හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්


දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්

වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්

සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

14 comments:

  1. දත කඩමු..
    රන් පත් විකුණමු
    හාමුදුරු ගොල්ල
    උල් මත හිටවමු
    පාදමත් කඩමු
    කැසිනෝ හදමු
    නමක් දාමු
    “දළදා කැසිනෝ“

    ReplyDelete
    Replies
    1. ඒවත් නොවුනොත් පුදුමයක් නොවෙයි දේශක යො.

      Delete
  2. හම්මේ...
    වදින තැන් වලට රිදෙන්නම
    ඇනපු කවි ටොක්කක්...
    නියමයි අක්කෙ...
    උඩුගං බලා පිහිනන්ට පුුළුවන්
    රන් තලි වලට පමණක් නොවෙයි....
    හිත ඇතන්ම් අපිටත් හැකි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයි මල්ලි. අපි අපේ යුතුකම් හදවතින් කරමු. පොඩි හඬවල් ගොඩක් එකතුවුනහම ලොකු හඩක් වෙයි.

      Delete
  3. පට්ටයි ..දැනෙන්න ලියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ දර

      Delete
  4. හා හා ඔවුව ගැන කතා කරන්න හොද නෑ අක්කෝ..

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව් මල්ලි. මෙහෙටත් එයි සුදු වෑන්.. :-)

      Delete
  5. මමත් ඔය ජාතියෙ හීනයක්ම දැක්කා නංගො
    http://chiththapata.blogspot.com/2014/07/blog-post.html

    ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

    අපි වාටිවල උන් පාටිවල

    ReplyDelete
    Replies
    1. අයියගෙ උත්සහයත් අපූරුයි. බොහොම ස්තුතියි අයියෙ.

      Delete
  6. අනේ මන්දා මේවට මොනවා කියන්නද කියල අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ගණන් ගන්න එපා දරුවො..කට කහනවට කියපුව මේව. :-)

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...