පැතලි වැතිරුණු නෙලුම් කොලයට
ඇඟිළි ඇන ඇන පිනි බිඳක්
කැරලි ගසමින් සිනහ එක්කොට
සරැලි නංවයි ලද ඉඩෙන්..
අසල ගැවසුණ දිගැටි හොටකින්
නිසල දිය වෙත පහර ගැසුමෙන්
සසල පත්‍රය බියෙන් වෙව්ලා
ගසල දැම්මා උඩඟු කරුවන්.
එසැණ ළඟකින් ඇවිඳ ගිය නල
විගස අත්පුඩි තාල තියමින්
කරන්නට බැරි හරිය මේ මට
කරපු විහඟට තුති නඟයි
සියල් හැරවුම් එකම ලෙසකට
දරාගෙන සිටි දිය කඳම්බය
විසල් ලෝකයෙ රැදුණු පැතිකඩ
ඔන්න ඕකයි කීවෙ නිහඩව.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
අනේ ඇත්තමයි....
ReplyDeleteඅදනං තේරුනේම නෑ...
මගේ වයර් ෂෝට් ද දන්නෙ කනෑ...
හැබැයි පද ගැලපුම නං අපූරුයි කියල හිතෙනව
දිනිති සුරංගනා කතාවක් ලියන්න ට්‍රයි එකක් දෙන්නකෝ. මට මැවිල පෙනුනේ වැව් ඉව්රක ඉන්න පොඩි ළමයෙක්ගේ විසල් ඇස් දෙකක්..
ReplyDeleteලොවේ හැටි ඔහොමයි කියලා තමයි ඉතින් අපිටත් කියන්න වෙන්නේ අක්කෝ..
ReplyDelete