"ගැහුණු ළමයි කවදත් අහංකාරයි. ඒත් පිරිමි ළමයෙක් අහංකාර වුනාම තරහයි ..දුකයි..රිදෙනව. ඔව් අයියෙ මටත් හොඳටම දුකයි.
ඔහොම ලොකු කම් පෙන්වන්නෙ කාටද ඔයා..?
ඔයාටනෙ....
මං නිසාම හොදයි නේද...
ඔව් ඔයා හින්දම තමයි...
අනේ යනව යන්න....
මං තියනවා...
හා... බුදුසරණයි.
හප්පේ ආයෙමත් පපුව රිදෙන්න ගන්නව. රෑ එළිවෙනකම් ආයෙ රෑ වෙනකම් දකින සිහින
ඔක්කොම කඩා වැටෙනව. මොකක් හරි හේතුවක් හදාගෙන කතාකරන්න අවස්ථාවක් ගන්නෙ මං
කොච්චර අමාරුවෙන්ද.. ඒ අවස්ථාවත් විනාඩියක්වත් නැහැ. මේකා නම් පුදුම
පිරිමියෙක්.. ගලක්ද මන්දා පපුවෙ තියෙන්නෙ. මං මටම කියාගන්නව.
කොච්චර මෙලෙක් කරන්න හැදුවත් තව තවත් ගනන් උස්සන හැටි.
නටාගන්නව. මං අද ඉදන් මොනම හේතුවකටවත් කතා කරන්නෙ නැහැ. ඔයාව හමු වුනත් මඟ
අරිනව. ඔව් ඇත්තමයි. එයාට විතරක්ද ලොකු කම් පෙන්වන්න පුලුවන්. හුහ් ..
මටත් පුලුවන්. හරි බලමුකො කවුද දිනන්නෙ කියල. දවසක ඔයාටම කතා කරන්න වෙයි.
එතකන් මං ඉවසගෙන ඉන්නව. දින සති මාස අවුරුදු ගණන් ගියත්. මගෙ හිත රිදෙයි
ඉතින් ඇතුලින්..මගෙ ඇස් ඔයා පස්සෙ පන්නයි. මං දන්නව මගෙ හිතේ තියෙන හැම දේම
මුහුණෙන් පේනව කියල. ඒ වුනාට කමක් නැහැ. මං දරාගන්නව ගන්නවමයි.
ඔන්න ඉතින් මං මගෙ හිතටම කියා ගත්ත"
අද වත්මනේ ඉදන් සිහිවෙද්දි පුදුමත් හිතෙනව. ඒ අහංකාර ප්‍රථම ආදරේ. අපි
කාගෙත් නොමැරෙන සිහිවටනයක්. එකී ප්‍රේමයේ වියෝව ගැන සරල දැනෙන බසින් මේ
සුගායනීය ගීතයෙහි පද රචනය ධම්මික බණ්ඩාරයන්ගෙන්ය. සුමියුරු සංගීතය
ඩෙනිෂ්ටර් පෙරේරාගේය. එදත් අදත් කවදත් මා වශීවන ගායන හඬ අමරසිරි පීරිස්ගේය.
වචනින් වචන මා පැහැදිලි කරන්න යන්නේ නැත. මගේ ප්‍රථම ප්‍රේමයේ වචන අතරින්
ඔබ ඔබේ ප්‍රථම ප්‍රේමය සිහියට නංවා ගන්න. ඔබෙ ්මනසින් ඔබ විදියි කියා මා
සිතමි.
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
පාසැලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්..
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
මතක ගොක්කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලියා මල් මිටක්...
හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානයේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වලදමන්නට
අසීරුයි මට ඔබ උදව්වන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න....
ගීතය මෙතනින් අහන්න. මේ යූ බටේ..
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
ප්‍රථම ප්‍රේමයක් කියල දෙයක් තාම අත්දැකල නැතත් :D ගීතය අහනකොට ඒ හැඟීම දැනෙනවා..
ReplyDeleteඅමරසිරි පීරිස් ගායනා කරනවනං ඉතිං ආයි මොනාද..!!
සිතුවිල්ලකින් හරි අත් දැකල ඇති මල්ලි. බලන්නකො දවසක...
Deleteඅමරසිරි පීරිස් මහත්තයට මම මෙච්චර ආස වෙලත් මේ සිංදුව අහලම නැද්ද මන්දා..
ReplyDeleteඅමරසිරි පීරිස්ගෙ අපි අහපු නැති සිංදු තව සිය ගණනක් ඇති මල්ලි.
Deleteමමත් සිංදුව අහලම නෑ...
ReplyDeleteකතාව තව ටිකක් දික් වෙලා අවසානය ටිකක් හොද වුනා නං කියල හිතෙනව..
ඒත් මෙහෙම වුණත් හොදයි...
අපූරුයි...
ජයවේවා
මම මේ සිංදුව දාන්න ඕනි නිසානෙ මල්ලියෙ මෙහෙම ගැලපුවෙ. මොකද නිකන්ම සිංදුව පෝස්ට් කරනවට වඩා. ඉතින් මගේ කතාවෙ නොගැලපුමක් නැති තැන් වලින් වචන ටිකක් දාද්දි අනිවා ඔබේ කතාව මතක් වෙනවනෙ... :-D
Deleteඉතින් මං කලේ ඒක.
හිත් ගත් සින්දුවකට ලස්සන අරුතක් එක් කරලා....
ReplyDelete