හේමමාලා කොණ්ඩෙ අස්සක සඟවගෙන ආ වට දතක්
කිසිම දවසක අල්ලන්න බැහැ වුනෝතින් නුඹ නම් ළඳක්
හතර පේරුව දණ ගසාගෙන කියන විට පම්පෝරියක්
අතුරෙ යන බොදුනුවන් අපෙ නොදුටුවේ ඇයි සැණකෙලි බිමක්
දන්ත කුමරුගෙ අතින් අල්ලා නටන රෂියන් සුදු කතක්
තිසර තණපට තිබුණ එකවත් කියන්නට බැරිවෙන සැකක්
පුංචි සමනල පැටවු ඉගිලෙන විටදි මළුවෙන් දිස්නයක්
දැකපු උන් දණ ගසා වදිනවා හැරි හැරි පුදුම ගතියක්
වැවේ සැනහුනු මාළු ඇවිදින් මත් වෙලා ඇස් පියවෙන බවක්
අනේ කවුරුත් දන්නෙ නැහැ නිතර ඇහෙනා පිරිතේම බලයක්
ඇසේ රිදවුම් දරා බහිරව කන්දෙ පිළිමය හිටියට රැයක්
වනේ වන හතුරෙකුටවත් ඔය ලෙස වෙනු එපා කිසිදු නපුරක්
සිව් දෙසින් සීරුවෙන් හිටියට මහා හිමිවරු පුටුවට බරක්
ඇස් ඇරන් හිස දන් දුන් මද්දුම කුමරුට වුනේ නම් කැළලක්
ගුණේ පිහිටයි ඇතා නිතරම ඉන්නෙ දම්වැල් දමා ගොන්නක්
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්

දත කඩමු..
ReplyDeleteරන් පත් විකුණමු
හාමුදුරු ගොල්ල
උල් මත හිටවමු
පාදමත් කඩමු
කැසිනෝ හදමු
නමක් දාමු
“දළදා කැසිනෝ“
ඒවත් නොවුනොත් පුදුමයක් නොවෙයි දේශක යො.
Deleteහම්මේ...
ReplyDeleteවදින තැන් වලට රිදෙන්නම
ඇනපු කවි ටොක්කක්...
නියමයි අක්කෙ...
උඩුගං බලා පිහිනන්ට පුුළුවන්
රන් තලි වලට පමණක් නොවෙයි....
හිත ඇතන්ම් අපිටත් හැකි
අනිවාර්යයි මල්ලි. අපි අපේ යුතුකම් හදවතින් කරමු. පොඩි හඬවල් ගොඩක් එකතුවුනහම ලොකු හඩක් වෙයි.
Deleteපට්ටයි ..දැනෙන්න ලියලා
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ දර
Deleteහා හා ඔවුව ගැන කතා කරන්න හොද නෑ අක්කෝ..
ReplyDeleteහප්පේ ඔව් මල්ලි. මෙහෙටත් එයි සුදු වෑන්.. :-)
Deleteමමත් ඔය ජාතියෙ හීනයක්ම දැක්කා නංගො
ReplyDeletehttp://chiththapata.blogspot.com/2014/07/blog-post.html
ලොකු පුතා රජවෙච්ච දවසට දායි ඔතනම තව පාටියක්
අපි වාටිවල උන් පාටිවල
අයියගෙ උත්සහයත් අපූරුයි. බොහොම ස්තුතියි අයියෙ.
Deleteනියමයි
ReplyDeleteස්තුතියි තරිඳු
Deleteඅනේ මන්දා මේවට මොනවා කියන්නද කියල අෆ්ෆා...
ReplyDeleteහෙ හෙ ගණන් ගන්න එපා දරුවො..කට කහනවට කියපුව මේව. :-)
Delete