Thursday, April 24, 2014

" ඔබ මේඝයක් "



කිසි දිනක සිත් අහසෙ නොරැදුන

ඝණ සළුවෙ කළු පැහැය පැතිරුණ

ඔබ මේඝයක්....මේඝයක්

චණ්ඩ ගෙරවුම් අකුණු සැරයෙන්

හිත් අහස ඉරිතලා දෙපසට කෙරූ

එක තැනක නොරැදුණ

ඔබ මේඝයක්....මේඝයක්...



විසිරිලා සී සී කඩව යන්නට  සැදූ

පැරදිලා හඬන පොළවටම කඳුලෙන් ගැසූ

ජීවිතේ හුස්මටත් ඉරෙහිව බිය ගෙනා

ඔබ මේඝයක්....මේඝයක්..

ඝණ සළුවෙ කළු පැහැය ඇතිරුව

ඔබ මේඝයක්...මේඝයක්..



කැඩී අතපය රිදෙන මල් පෙත්තේ

විලාපය කිසි දිනක නොඅසා

කැඩූ කූඩුවෙ නටබුන්ද උදුරලා ගත්තේ

විනාසයෙ හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... 

16 comments:

  1. අපූරුයි දිනිති අක්කෙ.....

    විනාසයෙ හැඩ වැඩ බල බලා
    සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... ///
    සැබෑ අත්දැකීමක්ද මේ........................


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ..

      Delete
  2. අපුරුයි දිනිතියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි දේශකයො..

      Delete
  3. Replies
    1. ස්තුතියි මධුරංග.

      Delete
  4. වළාකුනු නැති අහසකට
    මේඝයත් වටින බව
    හිතේවි දවසක නුඹට
    දොසක් නොකියාවි එදිනට !

    ReplyDelete
    Replies
    1. අයියා කාලෙකින් ඇවිත් ගිහින්...සතුටුයි.. <3 <3 <3

      Delete
  5. මේඝයක් වුනත් ඉතින් අදරෙන් ලං වෙද්දී...

    ReplyDelete
    Replies
    1. රිදෙන හැටි දන්නෙ පසුවයි නේද මල්ලි... :-)

      Delete
  6. පිණි බිදක්ව හඩවා මා හිමිහිට
    සැනහුමක් මා සොයන ඇසිල්ලට
    මේඝයක්ව රිදිවා මසිත හනිකට
    නුඹ සිනාසෙන හරි අපූරුව

    ReplyDelete
    Replies
    1. දිය කඳුර වී මා සිනාසෙන දින
      පාඟ පාඟා ගිය හැටිම මතකද
      මං ගඟක් වී ගලයි නම් අද
      නුඹට දැන් බිය හදට ආවද...

      ස්තුතියි සොඳුරු මිනිසා ඇවිත් ගියාට මේ පැත්තෙ...

      Delete
  7. ගතද සිතද පෙලන
    චණ්ඩ හිරුරැසින්
    මා බේරාගත්
    මේඝයක් ඔබ මේඝයක්

    ReplyDelete
    Replies
    1. මටද නුඹට පලක් නැති බව
      දන්නවා නම් එදා ඒ ලෙස
      මියෙන්නෙමි මං නුඹ අතින්
      තෙමි තෙමී හීතලේ ගැහෙමින්...

      ස්තුතියි ඉවාන් පවූලූශා ඔයාට. මේ පැත්තෙ ආවට බොහොමත්ම ස්තුතියි.

      Delete
  8. " විනාසයෙ හැඩ වැඩ බල බලා
    සිනාසුණු ඔබ මේඝයක්..."

    ලස්සනයි අක්කේ <3

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා.. <3

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...