ගුවන් විදුලියෙන් කලාව වෙනුවෙන් එහෙම නැත්නම් සංගීතය වෙනුවෙන් සිද්ද වෙච්ච අර්ථ සුබ සිද්ධිය මෙච්චරයි කියන්න බැහැ. අදත් කටක් ඇර ගායකයෙක් කියන්න පුලුවන්, නිවේදකයෙක් කියන්න පුලුවන් බොහෝ මිනිසුන්ගේ උපත ගුවන් විදුලියේය. උදේ සිට රෑ වෙනතුර කණ් බිහිරි කරන එෆ් එම් නාලිකා වලින් හතු පිටින් ගායක ගායිකාවන් නිවේදකයින් වෙනත් අයවලුවන් බිහි කරන්නට නොයෙක් විදිහේ දේ කළත් එදා ගුවන් විදුලියෙන් සිදුවුන දෙයින් දශමයක්වත් සිද්ද වෙනවාදැයි සැක සහිතය.
වේදිකාවට නඟින සැණින් බසින්නට හිමිවන එවන් මිනිසුන් කොපමණ බිහි කළත් කුමකටද..? එහෙත් එදා ගුවන් විදුලියෙන් උප්පත්තිය ලද උනුන් අදත් රසාස්වාදයේ ඉහළම තැනින් රසිකයා පිනවනවා යැයි කීවොත් ඔබ අමනාප නැත.
පණ්ඩිත ඩබ් ඩී අමරාද්ව ශූරීන් ගැන කතා කරද්දී අමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කෙසේ නම් අමතක කරන්නද..? ආනන්නයෙත් ප්‍රඥාවේත් සියුම් ඉසිඹු සොයමින් ශ්‍රාවකයා පිනවන්නට ඔහුගේ තෙළි තුඩින් පිපුණ මල් නම් කොපමණ ඇද්ද...? වරෙක අමරදේවයන් කියා තිබුණේ චන්ද්‍රරත්න මානවසිංහන් මුණ නොගැසුණා නම් අමරදේවයන් කෙනෙකුත් මෙතරම දුරක් නොඑන බවය. ඒ නම් අමරදේවයන්ගේ දිවි ගමනේ වටිනා සංස්ධිස්ථානයක් වන්නේ ශ්‍රී චන්ද්‍රරක්න මානවසිංහන් නිසාය.
එතරම් දක්ෂ පද රචනා කළ මානවසිංහයන් " රන්මුතු දූව" සිනමා පටය සඳහා එකකට එකක් වෙනස් විදිහේ ගීත ලියා ඇත. අදත් පොඩි දරුවාගේ පටන් මහල්ලා දක්වා මතක තියෙන " පාරමිතා බල පූජිත " පිපී පිපී රේණු නටන" සහ ගලන ගඟකි ජීවිතේ ගීතද මානවසිංහයන්ගේ තෙළි තුඩේ විශ්මිත සිතුවම්ය.
ඉතින් ගුවන් විදුලිය ගැන මා අර තරම් පැවසුවෙ ගුවන් විදුලි ගීත නාටකය පෝෂණය කිරීමෙහිලා මානවසිංහයන් දැක්වූ නිර්මාණාත්මක කෞෂල්‍යය ද එතෙක් මෙතෙක් කිසිදු පද රචකයකු සිදු කරන ලද කාර්යභාරයට වඩා ඉතා පුළුල් වූ ද, සෞන්දර්යාත්මක වූ ද, ශ්‍රැති රම්‍යතාවෙන් යුත් විදග්ධ ව්‍යායාමයක් නිසාමය. “මනෝහාරි” ගීත නාටකය එහි කූට ප්‍රාප්තිය සලකුණු කරනු ලබන අතර ඔහු විසින් රචනා කරන ලද, පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන් විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය සමඟ ගායනා කරනු ලබන "ප්‍රේම තටාකේ මේකයි මැණිකේ” ගීතය ගුවන් විදුලි ගීත නාටක සාහිත්‍යයෙහි තවත් එක් සන්ධිස්ථානයක් විය. එමෙන්ම මෙහි ගායනය සම්බන්ධයේදී කිව යුතු අනික් දෙය නම් , වත්මනෙහි මෙම ගීතය රශ්මි සංගීතා සමඟද ගයා ඇත.
එම ගීතයෙහි පද වැල පුරා ගලා හැලෙන ප්‍රේමණීය හැඟීම් සමුදාය ඇසුරෙහි බිහිවන පාරිසරික වැනුම ද, අර්ථ ධ්වනිය සමඟ මුසු වූ ශබ්ද ධ්වනිය ද, ගායන අලංකරණය ද උක්ත ගීතය සැබෑ ප්‍රේම ගීතයක් ලෙස ඕනෑම අයෙකුට කිව හැකිය. එහෙයින් එහි ඇත්තේ ඕනෑම යුගයකට සරිලන රස ප්‍රවාහයකි. ඕනෑම අයෙකුට දැනෙන භාෂා ශෛල්‍යයකි.
හදවතේ සියුම් නහර වලට පවා දැනෙන ආදරය පිරුණු මෙම ගීතය ඔබටත් රසවිඳින්න කියල මං කියනව.
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ..............
මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ
චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
ප්‍රේම තටාකේ..............
හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ
අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ //
එකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ..............
මා ඉහත කිවු ගීතයේ පද රචකයා මේ ඉන්නෙ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්.
මේ ගායනය සහ සංගීතය යෙදූ පණ්ඩිත් ඩබ් ඩී අමරදේවයන්.
සහාය ගායිකාව වජිරා බාලසූරිය.
">
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
මම නම් මේ සිංදුව ඇහුවේ පළවෙනි වතාවටද මන්දා අක්කෝ..
ReplyDeleteඅද මේ වගේ සිංදු ඇහෙන්නෙ නැති තරම් මල්ලියෙ.. ඒකයි ඒ...
Delete1960 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ (ඒ කාලයේ එය සංස්ථාවක් නෙවෙයි) තිබුණා සන්ධ්‍යා සේවය නමින් සිංහල සේවයක්. මේ සේවය රාත්‍රී 8.00 ට ආරම්භවී 10.30 ට අවසන් කරනවා කියලයි මට මතක තියෙන්නේ. සන්ධ්‍යා සේවය ඒ කාලයේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රියයි. මේ සේවයෙන් අමරදේව, මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි අග්‍රගන්‍ය කලාකරුවන්ගේ එකතුවෙන්, 'මධුවන්ති' යන නමින් පැයක පමණ වැඩසටහනක් ප්‍රචාරය වුණා, සතියකට වරක් පමණ. ඒ වැඩසටහනෙන්, අදත් අපි ඉහළින්ම අගය කරන ගීත නිර්මාණ රැසක් එළිදැක්වුනා. ඔවුන් එම ගීත නිර්මාණය කළ ආකාරය ගැන සාකච්ඡා කරමින් තමයි ඒ ගීත ඉදිරිපත් කළේ. එයින් අපේ රසඥතාව වැඩිදියුණු කරගන්න ලැබුණි පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ. ප්‍රේම තටාකේ ගීතය පිළිබඳව 1970 දශකයේදීත් පැවැත්වුන සාකච්ඡා මට අදත් මතකයි.
ReplyDeleteඇත්තටම ඉස්සර රස විඳින්නාට පුදුම තරම් දැනුමක් බෙදුවෙ. ඒත් අද අසන්නාගෙ තියෙන දැනුමත් මොට්ට වෙන දේ අසන්න සලස්වන්නෙ බලෙන්ම.
Deleteමාත් කැමති ගීයක්..
ReplyDeleteඕන් දේශක යා නම් පැරැන්නෙක් නිසා අහල තිබිලි තියෙනව ඒ සිංදුව
Deleteමේ සිංදුව අහපු පළවෙනි පාර. මේක තිස්ස අයියාටත් දෙන්න ඕන. එයා කැමති වෙවි කියල හිතෙනවා.
ReplyDeleteහෙ හෙ එහෙනම් දෙන්නකො නංගා එයාටත්... :-)
Deleteඑදා අපි මේ සිංදු ඇහුවා එියන් අපි අපේ මනස පෝෂණය කරගත්තා. ඒත් අද ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයන කිසිවෙක් නෑ. ඔක්කොම ඉන්නෙ ආනනද්යෙන් පුංචි බොරුල්ලට එහෙමත් නැත්නම් ආනන්දයෙන් මරියකඩේ හන්දියට ගරසවින්දනය දක්කන අයයි
ReplyDeleteඅද ආනන්දෙන් ප්‍රඥාව නම් හීනයක්ම විතරයි අයියෙ.. ආයෙ එහෙම යුගයක් එයි කියලවත් හිතන්න බැහැ...
Deleteඅදමයි මෛහෙ ආවෙ...අදමයිමේ සිංදුව ඇහුවෙ... ඒකෙත් පොඩි කික් එකක් තියේ නේහ්ි......
ReplyDeleteස්තූතියි බෙදා හදා ගත්තාට..
එන්නංකො හැමදාම
බොහොම ස්තුතියි මහේෂ්... ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න බලන්නකො... :-)
Deleteමෙ සින්දුවෙ තෙරැම දන්න කෙනෙක් ලියන්න පුලුවන්නං වටිනවා...
ReplyDeleteසින්දුවේ අර්ථය කියන්න පුුුලුවන්ද
ReplyDelete