කිසි
දිනක සිත් අහසෙ නොරැදුන
ඝණ
සළුවෙ කළු පැහැය පැතිරුණ
ඔබ
මේඝයක්....මේඝයක්
චණ්ඩ
ගෙරවුම් අකුණු සැරයෙන්
හිත්
අහස ඉරිතලා දෙපසට කෙරූ
එක
තැනක නොරැදුණ
ඔබ
මේඝයක්....මේඝයක්...
විසිරිලා
සී සී කඩව යන්නට සැදූ
පැරදිලා
හඬන පොළවටම කඳුලෙන් ගැසූ
ජීවිතේ
හුස්මටත් ඉරෙහිව බිය ගෙනා
ඔබ
මේඝයක්....මේඝයක්..
ඝණ
සළුවෙ කළු පැහැය ඇතිරුව
ඔබ
මේඝයක්...මේඝයක්..
කැඩී
අතපය රිදෙන මල් පෙත්තේ
විලාපය
කිසි දිනක නොඅසා
කැඩූ
කූඩුවෙ නටබුන්ද උදුරලා ගත්තේ
විනාසයෙ
හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්...
අපූරුයි දිනිති අක්කෙ.....
ReplyDeleteවිනාසයෙ හැඩ වැඩ බල බලා
සිනාසුණු ඔබ මේඝයක්...මේඝයක්...මේඝයක්... ///
සැබෑ අත්දැකීමක්ද මේ........................
බොහොම ස්තුතියි මල්ලියෙ..
Deleteඅපුරුයි දිනිතියෝ...
ReplyDeleteස්තුතියි ස්තුතියි දේශකයො..
Deleteමරු !
ReplyDeleteස්තුතියි මධුරංග.
Deleteවළාකුනු නැති අහසකට
ReplyDeleteමේඝයත් වටින බව
හිතේවි දවසක නුඹට
දොසක් නොකියාවි එදිනට !
අයියා කාලෙකින් ඇවිත් ගිහින්...සතුටුයි.. <3 <3 <3
Deleteමේඝයක් වුනත් ඉතින් අදරෙන් ලං වෙද්දී...
ReplyDeleteරිදෙන හැටි දන්නෙ පසුවයි නේද මල්ලි... :-)
Deleteපිණි බිදක්ව හඩවා මා හිමිහිට
ReplyDeleteසැනහුමක් මා සොයන ඇසිල්ලට
මේඝයක්ව රිදිවා මසිත හනිකට
නුඹ සිනාසෙන හරි අපූරුව
දිය කඳුර වී මා සිනාසෙන දින
Deleteපාඟ පාඟා ගිය හැටිම මතකද
මං ගඟක් වී ගලයි නම් අද
නුඹට දැන් බිය හදට ආවද...
ස්තුතියි සොඳුරු මිනිසා ඇවිත් ගියාට මේ පැත්තෙ...
ගතද සිතද පෙලන
ReplyDeleteචණ්ඩ හිරුරැසින්
මා බේරාගත්
මේඝයක් ඔබ මේඝයක්
මටද නුඹට පලක් නැති බව
Deleteදන්නවා නම් එදා ඒ ලෙස
මියෙන්නෙමි මං නුඹ අතින්
තෙමි තෙමී හීතලේ ගැහෙමින්...
ස්තුතියි ඉවාන් පවූලූශා ඔයාට. මේ පැත්තෙ ආවට බොහොමත්ම ස්තුතියි.
" විනාසයෙ හැඩ වැඩ බල බලා
ReplyDeleteසිනාසුණු ඔබ මේඝයක්..."
ලස්සනයි අක්කේ <3
ස්තුතියි නංගා.. <3
Delete