ඇල් මැරුණ කවි හිත ළගින් මං අතීතයට ඇස් හරෝනව. හරියටම මගෙ උපන් දිනයක් දවසක මං නාරාහේන්පිට පොලිස් රෝහලේ හෙඳ සිසුවියක් විදිහට හා හා පුරා කියල පුහුණුවට ගිය දවස. එදා අපෙ අයියා ( මගෙ නැන්දගෙ පුතා ) මාව එක්කගෙන ගිය හැටි අදත් මතක් වෙනව. මම මුලින්ම රෝගීන් එක්ක ගැවසෙන්න පටන් ගත්තෙ පොලිස් රෝහලේදි. ඒ භයානක යුද්ධය ඇවිලෙන කාලෙ. කොයි වෙලේ බ්ලාස්ට් එකක් වෙලා ඇම්බියුලන්ස් එයිද කියල කවුරුත් හරිම සෝදියෙන් ඉන්නෙ.
එහෙට පැද්දි පැද්දි මෙහෙට පැද්දි පැද්දි රෝහලේ ගේට්ටුව ගාවින් යන දුම්රිය වෙලාවකට මහම මහ කරදරයක්. ගේට්ටුව ගාවම තිබුණ ඉන්ජෙක්ෂන් රූම් එක මගේ පලමු පුහුණු ස්ථානය වුනා. කොයි අත බැලුවත් කටු කටු කටු විතරයි. ලේ ගන්නව බෙහෙත් විදිනව මගේ හිත ගැස්සෙනව ඒ හැම පාරකම. ඇයි ඉතින් අපි පන්ති කාමරයෙදි පුහුණුවට කලේ එක එක්කෙනාට B12 එකක් විදල අතට ඉන්ජෙක්ෂන් කට්ට ගත්ත විතරයි.
එදා ඒ ඉන්ජෙක්ෂන් කාමරේ හිටිය ආදරණියම හෙඳිය තමයි නන්දනි මිස්. ඒක බාරව හිටියෙ කුලතුංග සර්. සහායට හිටියෙ වාසනා මිස්. ඊලග කෙනා තමා අලුතෙන්ම ගිය පුංචි මං. ලොකු සද්දන්ත ඇගවල් තියෙන පොලිසියෙ අයත් ඇවිත් එන්නත් විදින්න ඉදගන්න පුටුවෙ ඉදගත්තම මුහුණවල් හැකිලෙනව. පුංචි තිගැස්මක් එනව. ඒව මං දැක්කා. මට මුලින්ම කිවුවෙ පුලුන් බෝල කරල තියන්න කියල. ඊට පස්සෙ ඒ අය කරන දිහා බලා ඉන්න කිවුව. එදා දවසම මගෙ රාජකාරිය වුනේ ඒ දේ තමා.
පස්සෙ දවස් දෙකකින් විතර බෙහෙත් ජාති ගැන කියල දිල ඔන්න මටත් එන්නත් කටුව අල්ලන්නෙ මෙහෙමයි ඒකට බෙහෙත් දාන්නෙ මෙහෙමයි කියල කියල දුන්නා. ඔන්න මුල්ම එන්නත මට විදින්න ලැබුණ දවස. ඒක එන්නත් කරන්න වුනේ ගැහැණු කෙනෙක්ට. ඒකත් ඩීප්‍රොප්‍රොවේරා එකක්. හප්පා කිරි සුදු පාට කුප්පිය අරගෙන දැන් සිරිංජරයට ගන්නව මං. මගෙ පපුව ඩිග් ඩිග් ගානව. කකුල් දෙක පණ නැහැ වගේ. බය වැඩි කමටම දාහඩියත් දැම්ම මට. පිට දිගේ දහඩිය බිංදු යනව මට දැනෙනව. මුහුණු රතු කරගෙන අත ගැහෙද්දි මං දැන් පුලුන් කෑල්ලෙන් අතේ ඒ එන්නත ලබා දෙන තැන පිරිසිදු කලා. නන්දනි මිස් මං ගාවම දකුණු පැත්තෙ හිටගෙන නැමිල උදව්වට බලා ඉන්නව. ඇයගෙ හුස්ම ටික මගෙ මුහුණට වදිනව.. "රෝගියෙක්ට අපි බය බව දැනුනොත් ඔවුන් එන්නත ගන්න එක ප්‍රතික්ෂේප කරනව" කියල මට මුලින්ම නන්දනි මිස් කියල තිබුණ. අනේ ඉතින් දෙවියන් බුදුන් සිහිකරගෙන එන්නත විදින්න යද්දි මෙන්න දඩස් බඩස් ගගා කෝච්චියක් යනව. මාව නිකන්ම ගැස්සුණා. කෝ ඕක විදින්න කියල නන්දනි මිස් කියද්දි කොහේවත් නැති හයියක් අරන් එක හුස්මට මං එන්නත ශරිරගත කලා. ඊට පස්සෙ රිදුණද කියලත් ඇහුව. :-D නෑ මිස් කියල ඇය කියද්දි තමා මං ඉහළට අරන් තිබුණ හුස්ම පාරක් නිවි හැනහිල්ලෙ පහලට දැම්මෙ.
එන්නත් කාමරේ හොදම එක ඒක නෙමෙයි. පිලිගැනීමේ කවුන්ටරය ඉදිරිපසින් තියෙද්දි එතනට එන සෑම සියළු දෙනාවම පේන්න පුටුවක් තියන් වැඩක් නැති වෙලාවට බල බලා ඉන්න එක. ඒ දවස්වල වයසත් අවුල්නෙ ඉතින්. ලස්සන තරුණ පොලිස් කාරයො එද්දි චුට්ටක් ඇස් උස්සල බලනව තමයි. ඒත් ඉතින් මගෙ පවුලෙ නෑදැ කෙනෙක් ඉහළම තනතුරක් දරපු නිසා මට දඟ වැඩක් කාරිය කරන්න බැහැ. මොකද එයා හිටි ගමන් පොලිස් රෝහලට එද්දි හතර වටේම අය සැලියුට් ගහල ඇයව පිලිගනිද්දි මං ඉතින් අර නම්බුවද මොකක්ද එක රකින්න එපැයි. :/
මේ මතක වල මං වැඩියම ආස ඔෆිසර් වාට්ටුවට තමා. ඒකෙ එකක් සංවේදිම කතාවක්. අනික මට සමිප කතාවක්. සංවේදිම කතාව මං කියන්නම්කො. ඒ උතුරෙ බ්ලාස්ට් එකකින් පිරිමි ඇඟ එහෙම නැත්නම් පුරුෂ ලිංගයට හානිවෙලා හිටිය විශේෂ කාර්ය බලකායෙ නිළධාරිය. ඔහුට දවසක් ඇර දවසක් තුවාල වලට බෙහෙත් දමද්දි ඔහු විදින වේදනාව දෙවෙනි වෙන්නෙ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන එකට විතරයි කියල මට හිතුණ වාර අනන්තයි. ඒ වගෙම ඔහුගෙ දකුණු කකුලත් නැහැ ඒ බ්ලාස්ට් එකෙන්ම. මට රැට හිනෙන් ඉදන් පේන තත්වෙට ඒ දේ පත්වුනා.
මට ටිකක් සමීප දේ කියන්නෙ උණ හැදිල ඒ වාට්ටුවට ඇතුලත් වෙලා හිටිය ජනාධිපති ආරක්ෂක අංශයෙ කෙනෙක්. එයා දකුණෙ තෙලිජ්ජවිල හරි කඩවම් කෙනෙක් ඇහ්. ඔහුට ප්‍රතිකාර කරන්න යන වාරයක් පාසා මොකක්දො ගතියක් මටත් දැනුණ. අන්තිමට ඔහු වාට්ටුවෙන් යද්දි ලිපිනය දෙන්න චුටි මිස් කියල මගෙන් ඉල්ලගෙනම ගියා. ඊට මාස තුනකට විතර පස්සෙ මෙන්න මට ලියුමක් ආව. පස්සෙ අපි හුගාක් සමීප අය වුනා. ඒත් අද නම් ඔහු කොහෝ කොතන ඉන්නවද කියල මං දන්නෙ නැහැ.
ඉතින් පොලිස් රෝහලේ මෙස් එකට වෙලා යෝගට් කකා මගෙ හොදම යාලුව වුන හෂිනි එක්ක කියෝපු දේවල් අනන්තයි. අප්‍රමාණයි. ඒ දයාබර මිතුරිය අද කොහේද දන්නෙ නැහැ. හැමදාම හවස 3ට වැඩ නිමාවුනාම අපි දෙන්න කොහුවලට ඇවිත් පළතුරු කඩෙන් පළතුරු නොබිවු දවසක් නැහැ. ඒ සැහැල්ලු අතීතය අද එන්නෙ නැහැ.
ඩොක්ටර් මංජුලා රත්නවීර මැඩම්ගෙ ක්ලිනික් දාට ක්ලිනක් එකේ ෆයිල් එහෙ මෙහෙ ගෙනිහිල්ලම කකුල් කඩෙත්තුව හැදුනම පඩිපෙලේ හොරාට කොච්චර වාඩිවෙලා ඇද්ද... මේට්‍රන් මැඩම්ගෙ තොප්පිය ඈතින් පෙනෙද්දි නැති වැඩක් හරි හොයන් කරපු හැටි මතක් වෙද්දි අද හොදටම හිනා යනව. ඒ හැමදේටම වඩා සුන්දර ඩ්‍රෙසින් රූම් එකේ විහිළු කතා කිය කියා ඩ්‍රෙසින් කරපු හැටි. බෙතඩීන් සුවඳට මං දන්නදා හිටන් හරි ආසයි. ඉතින් ආසාවෙන්ම උන්න එක තැනක් එතන.
තුංමුල්ලෙ පොලිස් ක්‍රිඩාංගනයෙ පවත්වපු පොලිස් රෝහලේ අවුරුදු උත්සවයෙදි කණාට කණා කිරි කවල දිනපු හැටි. අපේ එන්නත් කාමරේම වාසනා මිස් අවුරුදු කුමාරිය වෙච්ච හැටි. හප්පේ.... අතීතෙ සුවඳ අස්සෙ ඇවිදිද්දි පුදුම තරම් ආදරේ හිතෙනව. නුගේගොඩ පාරවල් දිගේ හවසට ඔෆ්වෙලා මායි යාලුවයි රස්තියාදු ගහල ගහල බර්නාඩ් එක ගාව තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් හෂිනිගෙ අයියගෙන් බැනුම් අහනකම් කකා බිබි ඉදපු හැටි. ( ඇයගෙ අයියා ඒ දව්වල ඒකෙ රැකියාව කලේ ඒකයි )
කවදාවත් නැතිව අද හිත ආපස්සට ගියෙ ඇයි කියල මටවත් හිතාගන්න බැහැ. ඒත් මේ ලිපිය හදිස්සියෙව් අහම්බෙන් හරි මගෙ යාලුව හෂිනිට දකින්නට ලැබුණොත් එයයි මගෙ තියෙන සතුට. ඈ කොහේ කොතනද කියා මංවත් දන්නෙ නැහැ. පිලියන්දල මඩපාත බොල්ගොඩ ගඟ ඇගේ නිවසෙ ඉදිරිපසම තිබුණෙ. ඉතින් මොනයම් හෝ හාස්කමකින් ඇය මෙය දකීවා කියායි මගේ එකම පැතුම.
"දිවි මගේ ඉසිඹුවක හුන්....දයාබර ඈ මට හමුවුනෝතින් "
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
ඔබ සඳහන් කරන කාලය හැකිනම් සඳහන් කරන්න.ඔබ කියන පුද්ගල නාම සහ ස්ථාන මටත් බොහොම සමීපයි.මා වසර 2 පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කෙනෙක්.දකුණු පාදය නැතිවූ නිලදාරියා මා දන්නවා වියයුතුයි.අනතුරට ලක්වන විට ඔහු විවාහ වී මාස 3 පමණ ගතවී තිබුනා වියයුතුය.මංජුලා රත්නවීර මහත්මිය මා කෙරෙහි බෙහෙවින් කරුණාවන්ත වූ බව කියන්න ඕන.
ReplyDeleteදැනට අවුරුදු දහයකට එහා අතීතයක් ගැන මේ... මංජුලා මැඩම් ඇත්තටම හුගක් හොඳ කෙනෙක් තමා.
Deleteමං කියන ඒ පේෂන්ට් නම් මැරි කරල ඉදියෙ නැහැ දන්න විදිහට. ඒත් ඉතින් කවුද දන්නෙ නේද..
අනේ චුටි මිස්... ලස්සනට මතකය අවදි කරල නේ..
ReplyDeleteහප්පේ ඒ දවස්වල මං ඇත්තටම චූටියි අප්පා. දොඩම් ගෙඩි දෙකක් තරම් නැහැ. :-D
Deleteඇත්තටම ඔබ මතකය අපූරුවට සංවේදීව ගලපල තියෙනව..
ReplyDeleteමගෙත් මතකය අතීතයට දිව ගියා ඒ දවස් වල මගෙ යාළුවෙක් බට්ටකෙුටඅහුවෙලා
ටිකදවසකින් එයා නැතිවුණා...
ඇත්තටම ාව සංවේදී කරපු සටහනක්
එ මතක ඇත්තටම හදවතට තාමත් බරක් මහේෂ්..සමහරක් දවස් වලට මං තනියම අතීතය අවුස්සද්දි අප්‍රමාණව දුක් වෙන මොහොතවල් තියෙනව. වාට්ටු පුරා ඇවිදිද්දි දැක්ක සමහර ඒ මුහුණු තාමත් ඇස් ඉදිරිපිටි තියෙනව වගේ.
Deleteවෙලාවල් තියනවා අතීත මතකයන් කිසිම හේතුවක් නැතුව හිතට එක පාරට කඩා වදින. ඒ වගේ මතකයන් ගොඩක් එක පාර ආවම දැනෙන හැගීමට මම නම් ආසයි. මතකයන් මොන විදියේ උනත්.. ඔන්න එහෙනම් අද ඉඳන් අපිත් මේ පැත්තේ එනවා..
ReplyDeleteසුන්දර වුනත් හදවතට ඇතිවෙනව නොදැනෙන දුකක්. වෙලාවකට ආයෙ ඒ අතීතෙට යන්න තිබුණ නම් කියලත් නොහිතෙනව නෙමෙයි.
Deleteස්තුතියි අඟහරුවා මල්ලි. මාත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්. :-)
සංවේදි අතීත මතකයක්..
ReplyDeleteඇත්තටම ඔව් මල්ලියෙ.
Deleteඇය මෙය කියවා කමෙන්ට් එකක් දැමුවා නම් තමා වටිනා කම !
ReplyDeleteඇය කොහේ කොතනකද කියා මං දන්නෙ නැහැ සෑම්.. ඒකයි තියෙන දුක.
Deleteලස්සන ලියවිල්ලක්...
ReplyDeleteහිතට දැනුණ අවංක දේවල් ලියාගෙන ගියා විතරයි මධුරංග. අතීතය රස කර කර.
Deleteස්තුතියි ඔයාට.
මුලින්ම හිතුවා නංගි කෙටි කතා ලියන්නවත් ඇරන්ද කියල..හරි ආශාවෙන් කියෙව්වෙ..මටත් හිනා ගියා සමහර තැන් කියවද්දි..ආරුඪ වැනිලි නැ ..නියමයි නගේ මමත් හරියට ඔයත් එක්ක ඒ අතීතෙ හිටිය වගේ හැඟීමක් ඇති වුණා..කොහොම උනත් ඔයාගේ පරමාර්ථය ඉෂ්ඨ වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්..සුබ අනාගතයක් නැගණියනි නුඹට !
ReplyDeleteහදවතින්ම ස්තුතියි ක්‍රිනා අක්කා. මගේ හදවතම හිතෙන සිතුවිල්ලෙන්ම ලිවුව මගෙ ආදරණිය මිතුරිය ගැන. ඈ දිනක හමුවෙනකම් මා නොඉවසිල්ලෙන්.
Deleteඅතීත මතකයක් දිගහැරලා නේ??
ReplyDeleteමේ පැත්තට ආවේ අද කතාව හොදට ලියලා තියනවා
බොහොම ස්තුතියි කැස්පර්... මතක් වුන දේ ඔහේ ලියාගෙන ගියා.
Deleteහෂිනිව හම්බ උනාද අක්කේ? නැත්තම් ඔයා ආවම අපි ඒ පැත්තේ ගිහින් බලල එමු. එයා ඇති...... :)
ReplyDeleteඑහෙම යන්න කියල පැත්තක් මතක නැහැ. මඩපාත බස් එකේ වෙන්න ඕනි නැංගෙ පිලියන්දලින්. මං එකම දවසයි ගෙදරට ගිහින් තියෙන්නෙ. ගේ දොරකඩ තියෙන්නෙ බොල්ගොඩ ගඟ. බලමු ඇත්තටම ලංකාවට ආවම යන්න. මං ආසයි එයාව දකින්න ආයෙමත්.
Deleteඅතීතය කවදාවත් අමතක කරන්න බෑ කියලා ඔප්පු කරලා අපූරුවට.
ReplyDeleteඅතීතය අමතක වුනොත් අනාගතයක් කෝ අනිල්.....
Delete