සිරස ගිරිහිස ගා නොවැලපෙමි මෙමං
පෙමා උපමා තනන්නද තව ළමෝ දෙදෙනට
උරහිසක සවි දෙන්න බැරි වෙයිනං
වනේ පීරා කෑගසා හිවලුන් දෝංකාරෙට
තළයි හූ හඬ නිනවුවක් නැත ඉසවුවේ
තනේ දෙන්නට බැරි ගැටවු වයසේ පුතුන්
අසයි බිඳලන්න දොරගුළු පර්වතේ
පිරී කිතුගොස ධජ නගා කේසර ස්වරේ
හැරී එන්නට බැරි බවයි නුඹෙ ඇඟවුනේ
හැපී හිරු අවරට යන විටදි බය හදවතේ
මැරී යන්නට බැරි මවක් මං සනුහරේ...
තළයි හූ හඬ නිනවුවක් නැත ඉසවුවේ
තනේ දෙන්නට බැරි ගැටවු වයසේ පුතුන්
අසයි බිඳලන්න දොරගුළු පර්වතේ
පිරී කිතුගොස ධජ නගා කේසර ස්වරේ
හැරී එන්නට බැරි බවයි නුඹෙ ඇඟවුනේ
හැපී හිරු අවරට යන විටදි බය හදවතේ
මැරී යන්නට බැරි මවක් මං සනුහරේ...
දිනිති හොද කවිකාරියක් ඒකේ දෙකක් නෑ.. ගේයපද රචනා කරන්න අදහසක් නැද්ද?
ReplyDeleteඅනේ මං කොච්චර ගීත කරල තියෙනවද දේශකයො..අහම්බෙන්වත් අහලවත් නැද්ද ඒව.. :-(
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තුතියි මධුරංග.
Deleteහ්ම්...........
ReplyDeleteනංගා.. <3
Delete