Wednesday, January 2, 2013

* අතැර යන්නැති මතක බණ *

කළු ග‍ඟේ දිය රැලිති මැද
වියරු දිය සුලිය පුදුමයි
පාවෙලා සැහැල්ලුවෙ ආව
හල් ගෙඩිය ගෙන හැංගුවා ...

ජබොග් ගා නැගුණ සද්දෙන්
පිළිහිඩුව සිල් බිඳි බවයි
හොටය හප්පා කුඹුක් අත්තක
කෑ ගැසිල්ලක් නැති
මාලුවෙක් අවසන් 

ගමන නම් ගියාමයි....

නොන්ඩි ගහ ගහ වගේ පැද්දී
කොකෙක් මානා ඉන්න අතරේ
සමබරය ඉහිලුම් නැතිව ලීයක්
දිය කඳට හිස නමා ගත්තා....

හිරුට අමතක වෙච්ච තැන්
ඉඳහිටක සඳ බලා යනවාමයි
සාඳු කියමින් සිරිපතුල් වැඳ
ඇ‍ඳෙන දිය වුව නපුරු වෙනවාමයි...

ගල් තලාවක තවම ඉහිළුම්
නොදෙන ඉකිහඬ ඇසෙනවා
මල් මදාරා නැති වුනත් ඇය
එ'හිමි ඒ දැයි මඟ බලනවා...

වැලිපිළා ළය නැගෙන දුක් ගිනි
අකුරු අතරක අතරමංවේ

සැඟවිලා ගිය හල් ගෙඩිය ගැන
ගසක් පාමුල කඳුළු රැඳු....

පිනි ජම්බු මලක රොන්
දිය උඩක රංගන කලේ
හු නැතත් ළඟ බට කූඩෙ

අදත් ඇස් තෙත් කලේ...


8 comments:

  1. Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා...

      Delete
  2. අති විශිෂ්ටයි එන්න එන්නම ගැඹුරු වෙන මේ කවි හිත..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියේ...

      Delete
  3. මට නම් කවිය එච්චරම තේරුනේ නෑ. ඒත් කමන් නෑ.
    සුබ නව වසරක් වේවා දිනිති

    ReplyDelete
    Replies
    1. මධුරංගට නොතේරෙන නිසාම ඔන්න මම සරල කවියක් පෝස්ට් කලා උඩ...

      Delete
  4. අන්න නූතන කවිය වෙත ළංවෙච්ච වෙලාවක් මේකවිය හොඳ සංවාදයකට බදුන් වෙනවා නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කවි නිකන්ම සයිබර් කවි විතරයි අයියෙ.. බොහොම ස්තුතියි මේ අගය කිරිමට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...