කළු ගඟේ දිය රැලිති මැද
වියරු දිය සුලිය පුදුමයි
පාවෙලා සැහැල්ලුවෙ ආව
හල් ගෙඩිය ගෙන හැංගුවා ...
ජබොග් ගා නැගුණ සද්දෙන්
පිළිහිඩුව සිල් බිඳි බවයි
හොටය හප්පා කුඹුක් අත්තක
කෑ ගැසිල්ලක් නැති
මාලුවෙක් අවසන්
ගමන නම් ගියාමයි....
නොන්ඩි ගහ ගහ වගේ පැද්දී
කොකෙක් මානා ඉන්න අතරේ
සමබරය ඉහිලුම් නැතිව ලීයක්
දිය කඳට හිස නමා ගත්තා....
හිරුට අමතක වෙච්ච තැන්
ඉඳහිටක සඳ බලා යනවාමයි
සාඳු කියමින් සිරිපතුල් වැඳ
ඇඳෙන දිය වුව නපුරු වෙනවාමයි...
ගල් තලාවක තවම ඉහිළුම්
නොදෙන ඉකිහඬ ඇසෙනවා
මල් මදාරා නැති වුනත් ඇය
එ'හිමි ඒ දැයි මඟ බලනවා...
වැලිපිළා ළය නැගෙන දුක් ගිනි
අකුරු අතරක අතරමංවේ
සැඟවිලා ගිය හල් ගෙඩිය ගැන
ගසක් පාමුල කඳුළු රැඳුණේ....
පිනි ජම්බු මලක රොන්
දිය උඩක රංගන කලේ
ඔහු නැතත් ළඟ බට කූඩෙ
අදත් ඇස් තෙත් කලේ...
දුක හිතෙනවා නේ.
ReplyDeleteනිරෝගිමත් සුභ නව වසරක් වේවා!
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබටත් සුබ නව වසරක් වේවා...
Deleteඅති විශිෂ්ටයි එන්න එන්නම ගැඹුරු වෙන මේ කවි හිත..!
ReplyDeleteස්තුතියි නංගියේ...
Deleteමට නම් කවිය එච්චරම තේරුනේ නෑ. ඒත් කමන් නෑ.
ReplyDeleteසුබ නව වසරක් වේවා දිනිති
මධුරංගට නොතේරෙන නිසාම ඔන්න මම සරල කවියක් පෝස්ට් කලා උඩ...
Deleteඅන්න නූතන කවිය වෙත ළංවෙච්ච වෙලාවක් මේකවිය හොඳ සංවාදයකට බදුන් වෙනවා නම් අගෙයි.
ReplyDeleteමේ කවි නිකන්ම සයිබර් කවි විතරයි අයියෙ.. බොහොම ස්තුතියි මේ අගය කිරිමට...
Delete