Saturday, February 19, 2011

අප්පච්චී...


රාජ තේජසින් සමනල කන්දෙන් මතුවෙන හිරු රජු අප්පච්චී...
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...

ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..

1 comment:

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...