Monday, February 7, 2011

....මගෙම නුඹත් දුරක ගියා....

රාහු ඇවිත් රැයට හොරා
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...

අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...

සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...