කුසුමක් විකසිත වන්නට මල් පොට්ටුව
දුක් වින්ද තරම්....
බඹර කුලේ උන් නෑ කවදාවත් දන්නේ....
වැස්සක් දෙන්නට අහසක් දරාන
දුක් වින්ද තරම්...
පොළවට නම් නෑ කිසිදා වැටහෙන්නේ....
ගගුලක් හදනට උල්පත වී දිය බිදු
දුක් වින්ද තරම්
සිදු නම් නෑ කවදාවත් දන්නේ.....
පුරපස වන්නට සඳ හඩමින්
දුක් වින්ද තරම්....
කළුවර රෑ නම් නෑ දන්නේ...
කප්පර සෙනෙහස පොඳි බදිමින්
දුක් වින්ද තරම්
නුඹ නම් නෑ දන්නේ....
නුඹගෙ නමට මම පේ වෙන්නට
දුක් වින්ද තරම්.....
නුඹ නම් නෑ කිසිදා දන්නේ...
Sunday, February 27, 2011
Tuesday, February 22, 2011
අපි ඉතිං වෙන්ව යමු....
රැයට පෙම් බදින
සඳ කුමරි මං වෙලා...
ඇස් අගට ළංවුන
උණු කදුළ නුඹ වුනා...
පෙම් සිහින දකින්නට...
නෙතු නොමැත නිදි තවම..
මල් සුවද විදින්නට
සමනල්ලූ දුර ඈත...
අත් බැඳන් දුර යන්න..
බැරි හින්දා වෙන් වෙන්න...
සෙවනැල්ල මම වෙන්නෙ...
නුඹ ලගින් ගැවසෙන්න...
Saturday, February 19, 2011
අප්පච්චී...
රාජ තේජසින් සමනල කන්දෙන් මතුවෙන හිරු රජු අප්පච්චී...
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...
ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..
දහවල ගිනියම් පැටවුන් රකිමින් හිරු හා හිනැහෙන අප්පච්චී....
හැන්දෑ අහසම කළුවර කරමින් සෙවනැලි මහළුයි අප්පච්චි...
හිරු වන් සෙනෙහස පුද දුන් නුඹ මතු බුදුවෙනවාමයි අප්පච්චී...
ජීවිත කාලෙම සෙනෙහස නොසිදෙන සැනසුම නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොනිමෙන පහනකි ආලෝකය නුඹමයි අප්පච්චී...
ජීවිත කාලෙම නොවෙනස් මිතුදමෙ බැදුනේ නුඹමයි අප්පච්චී
ජීවිත කාලෙම නොනැසී හිදිනා මාහැගි වත්කම නුඹමයි අප්පච්චී..
Monday, February 14, 2011
ආදරේ අරන් නුඹ වඩින්න..
ආදරේ අරන් නුඹ වඩින්න...
සෞම්‍ය සද කිරණ දිගේ....
ජීවිතේ විදින්න ලගින් ඉන්න....
ප්‍රාණෙ සේ මගේ....
සුවඳයි...සිසිලයි විදිනා ප්‍රේමේ...
හීන දිගේ පාවෙලා යන්න
තාරුකා ඇස් වසා...
පාට නේක පුරවලා ගෙනෙන්න
නීල ආදරේ අපේ...
සුවඳයි...සිසිලයි...නුඹ ළග ප්‍රේමේ....
රෝස යායෙ සුවඳ අරන් එන්න
එති එතී විඳින්න...
නුඹේ සුවද මටම දෙන්න...
ජීවිතේ අපේ නෙලන්න...
සුවඳයි..සිසිලයි...දැනෙනා ප්‍රේමේ....
Wednesday, February 9, 2011
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
වහින වැස්සක් යටට වී මා...
හීන ඇහිදින පෙම්වතී...
හමන සුළගක් අතර සගවා...
පෙම එවාපන් කුමරෝ....
නුඹ නැතිව මම දුකින් හිඳිමී.....
ගොරවනා කළු අහස යට මා...
බයෙන් වෙව්ලා යතී....
නුඹ ලගක උන් උණුසුම සොයා...
මගෙ හිත අතරමංවී....
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
අමාවක රෑ තරුත් තනියම හුදකලා...
මා සේම වැලපෙතී....
කලා සොලොසක් අරන් වඩිනා තුරා...
මම මගක දෑසම තබා ඉමී....
කුමරෝ...ආදරෙ ගෙන එනු මැනේ....
හීන ඇහිදින පෙම්වතී...
හමන සුළගක් අතර සගවා...
පෙම එවාපන් කුමරෝ....
නුඹ නැතිව මම දුකින් හිඳිමී.....
ගොරවනා කළු අහස යට මා...
බයෙන් වෙව්ලා යතී....
නුඹ ලගක උන් උණුසුම සොයා...
මගෙ හිත අතරමංවී....
නුඹ ඇවිත් ළග හිදින් කුමරෝ....
අමාවක රෑ තරුත් තනියම හුදකලා...
මා සේම වැලපෙතී....
කලා සොලොසක් අරන් වඩිනා තුරා...
මම මගක දෑසම තබා ඉමී....
කුමරෝ...ආදරෙ ගෙන එනු මැනේ....
Monday, February 7, 2011
....මගෙම නුඹත් දුරක ගියා....
රාහු ඇවිත් රැයට හොරා
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...
අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...
සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....
හාදු දුන්න හඳ ගිලගෙන
නුඹ ගියාට මටත් හොරා
දීපු කදුළු තව උණුසුම්...
අමාවකම ළගින් තියා
සුසානයක පාළු තියා
දුක්ගීයක තනුව ලියා
හිතක හීන අරන් ගියා...
සෙනෙහෙ ගගුල සිදී ගියා
වැටෙන කදුළ ගගක් වුනා
මැවෙන සිහින බොඳව ගියා
මගෙම නුඹත් දුරක ගියා....
Sunday, February 6, 2011
නුඹට
නුඹ නමට බලන්...
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...
ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....
මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම......
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...
ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....
මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම......
Friday, February 4, 2011
Subscribe to:
Posts (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...