Sunday, September 4, 2016

ඒ මහා බය අදටත් තියෙනවා.

හිතන්නත් බැරිම මොහොතෙදි
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා

බිදුණු වීදුරු කැබලි වාගේ

දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා

හොරණ නගරෙට ඉහළ අහසේ

සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ

බිදෙන් බිද මීවිතට කිට්ටුව

හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ

ඉකිගසන්නට උරහිසක් නැති දා

මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ

අතීතයෙ හිල්වෙච්ච හදවත

හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා

ආදරේ හැටි මේ වගේමයි

කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා

8 comments:

  1. ලස්සනයි දිනිතියෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශා.

      Delete
  2. හිත් අත් ඇර ගන්න බැරි ආදරේ බය.

    ලස්සනයි අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete
  3. ආදරේ බය එන්නේ හිමි අහිමි නිසා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...