හිතන්නත් බැරිම මොහොතෙදි
පාසැලේ කොටු දැලෙන් එබිලා
වෙරළු අහුරක් මෙමට පාලා
ආදරේ හැටි මේ වගේමයි
කිවුව ඇස් දෙක මැවෙනවා
බිදුණු වීදුරු කැබලි වාගේ
දස අතේ විසිරිච්ච සිතුවිලි
නුඹේ නොඉදුල් විකසිතව ගිය
හදවතේ හැටි අහනවා
එදා වාගෙම ආදරේ බර දැනෙනවා
හොරණ නගරෙට ඉහළ අහසේ
සරණ විහගුන් කෑගසනු ඇහුනේ
පරණ හැගුමන් අලුත් කර කර
අපේ පෙම යලි යලිත් ලිවුවේ
බිදෙන් බිද මීවිතට කිට්ටුව
හිස් කරද්දී පෙම් සිහින ඔක්කොම
දවා අළුවී දුම් කැරලි මැද
නුඹේ උවනත තමයි මැවුනේ
ඉකිගසන්නට උරහිසක් නැති දා
මගෙ කියන්නට ප්‍රේමයත් නැතිදා
පොරබදින හුස්මකත් දැල්වෙන
ආදරේ ගිනි තමයි තිබුණේ
අතීතයෙ හිල්වෙච්ච හදවත
හිතින් වහගෙන සයනයට වැද
දම්මියේ මම තාම බෝඩිමෙ
නුඹේ සිතුවම පාට කරනවා
නැතිවෙලා ගිය බැල්ම හොයනවා
ආදරේ හැටි මේ වගේමයි
කියන්ට එන්නට හිතෙනවා
සමාවෙන්නැයි නුඹ කියයි මට
මහා බය අදටත් තියෙනවා
ලස්සනයි දිනිතියෝ..
ReplyDeleteබොහොම ස්තුතියි දේශා.
Deleteහිත් අත් ඇර ගන්න බැරි ආදරේ බය.
ReplyDeleteලස්සනයි අක්කේ.
බොහොම ස්තුතියි මල්ලියෙ.
Deleteආදරේ බය එන්නේ හිමි අහිමි නිසා..
ReplyDeleteබොහොම ස්තුතියි හීන දකින්නියෙ.
Deleteඅගෙයි ඉතාමත්
ReplyDeleteඅගෙයි ඉතාමත්
ReplyDelete