Friday, October 23, 2015

===රත්නේ ===

අතරමං සුළඟකය සද්දේ
හතරමං හන්දියට දුරද රත්නේ
ලැමේ කිරිවල සුවඳ ඉම්ඹේ
පොඩි එකා නොව දැනුයි දන්නේ

දෙතොල් සැලි සැලි ඇඟිලි ගැස්සී
වඩන් හිටි පොඩි එකා හැඩුවේ
අතුල් පාරක් සුළඟ ගැහුවේ
ගෙවල් හරියට ආවාද රත්නේ

රබර් වත්තට එහා ඉඩමේ
බුරුත ගහ මහ පාර මැද්දේ
කකුල් ඉක්මන් කරන් අාවොත්
වැස්ස එන විට ගෙදරමයි රත්නේ

ටිකෙන් ටික හිත ගැහෙන සද්දේ
මහ බියක් දැනෙනවා රත්නේ
දුවන් ඇවිදින් වැළඳගන්නට
එපා ඒකයි කොහෙද ඇහුවේ

සුළි සුළඟ බව පසුව දන්නේ
ඔබ පමා ඇයි හිතෙන් ඇහුවේ
යලි හදාගෙන ඉන්න හැක්කේ
ඒ වුනත් මං ඉදුල් රත්නේ

2015/10/22

4 comments:

  1. අප්පේ සුපිරියි , කාලෙකින් දැක්ක හොනම නිර්මාණයක් ... ඇත්තටම මේ සිතුවිලි එන්නේ කොහෙන්ද කියලා හිතන්න වටිනවා

    ReplyDelete
  2. ලස්සනයි අප්පා... ඉවාන් කිව්ව වගේ උඹට හැබෑට කොහෙන්ද මේ අයිඩියාර්.. කොප්ප ගහනවා නේද? නෑ කියන්න එපා. හැක්.. ජය වේවා දිනිති

    ReplyDelete
  3. ටොප් ක්ලාස්...
    හිතම හොල්ලන කවියක්... වෙන මොනා කියන්නද මංද.. කවිය හිතට වැදුන කියනව හැර..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. ටිකක් හිත හෙල්ලිලා ගියා.. හරියටම තේරුනාද නම් දන්නේ නෑ.. ඇත්තටම මේ ටිකේ මගේ කවි තේරුම් ගැනීම හැකියාව 0ටම බැහැලද කොහෙද.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...