Wednesday, October 21, 2015

අපේ තටු අයිති ගමේ අහසට

ඇල් වෙන්න දෙයක් නැති, ඇල් මැරුණ ජීවිතේ
පිරිපතයි සල් මලක සුවඳ වන්, අම්මගේ ආදරේ
පැදුරකින් වැටෙන්නට තැනක් නැති සිහිනයේ
හරි මැදින් සිට ගනිමු බීපු සෙනෙහස් මාවතේ



පිරුණ තරමක් කුස පිරුණෙ, ගඩා ගෙඩිවලින් නම්
රිදුණ තැන් කුමට, හිඹුටු ගාලක හැදුන උන් හට
වරුණ කිය කිය හති හලමු අතින් අල්ලන් දිනක
ප්ලෙන්ටිය ගසමු අපි එදාටත් එකපෙළට වාඩිගෙන

ලේනු හා හරි හරියෙ අඹ කොටය බෙදාගත් අපිට
නානු ගාවන්න දඟලන්නෙ ඇයි, ඔහොම මහත්තුරු
කාරියෙන් කාරියට කයිවාරු, ගහන අය අතර මැද
සාරියෙන් අම්මගේ ගලවගත් මල තවම හිස මුදුනෙ

රටින් රටකට හමන, සුවඳෙ වෙනසක් නැතිව
පිටින් ඔප දමන බිත්තර තමයි කල් පැනපු
හොටින් හොට ගෙන ඇවිත් එකතු කළ ජීවිතය
ඉතින් රවටන්න බැහැ,අපේ තටු අයිති ගමේ අහසට

6 comments:

  1. ඉස්තරම් දිනිති . දිනිතිගේ හැම කවියකම තියෙන්න ජීවිතය , ජීවිතයේ බොහොම සංවේදී තැන් තනුවකට එක්වුණු අකුරු වලට කැටි කරන්නට දිනිතිට තියෙන්නේ අපූරු හැකියාවක් .
    නියමයි

    ReplyDelete
  2. ඉතින් රවටන්න බැහැ,අපේ තටු අයිති ගමේ අහසට//
    කාට හරි රිදයි හැබැයි ෙම්ක කියවපුවම..
    හරි අපූරුයි දිනිති අක්කා.. හැමදාම කියනව විදියට මල් මසුරන්.. මට නං ඉස්තරම්..
    සුලභ අත්දැකීමක් වුණත් හරි අපූරු විදියට කවියට ගන්න හැටි අපි හැමදාම බලං ඉන්නව.. අැත්තටම දවසින් දවස මැචුව ෙවනව.. ෙප්නව
    ජයෙව්වා

    ReplyDelete
  3. සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතය.. ඕක තමා හරි නම් අපේ ජාතික ගීය.

    ReplyDelete
  4. ඒකනේ කිව්වේ ගමේ වැල ගමේ බයියන්ට(??) කියලා හැක්

    ReplyDelete
  5. ලස්සනයි............

    ReplyDelete
  6. අමුතුයි, ලස්සන අදහස

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...