Sunday, June 29, 2014

පසුතැවුම් මොනතරම් රිදෙනවද

ගිම්හානෙ කොයි තරම් රළුදැයි
මලානික කුරුල්ලෙක්ගෙන් අහන්න
සන්තානෙ මොන තරම් දේ ඇතිද
තනිවෙච්ච හිතකින් දැනගන්න

කෝඩුකාර සමනලුන් නැති අවකාශයක
පුරුදුකාර මල් පිපෙයි පෑවිල්ලෙ
වැරදිකාර සිතුවිල්ල තියෙනකන්
සංසාර ගමන දිඟයි කැරකිල්ලෙ

අත්ලකට පුරුදු ස්පර්ශ වැදෙනකොට
හද පත්ල නින්නාදදෙයි ඇතුළතට
පත්‍රයකට පිනි බිඳක් වැටෙනකොට
සිනාසෙන්නෙත් ඒ වගෙයි පුරුද්දට

කවිකාර බැල්මක් තියෙන වලාකුළකට
අත වනා එන්නැයි කියන්නට පුළුවන්ද
මඳහාසෙ නැතිවෙලා යන දේදුන්නකට
රවා රවා ඉන්න එක හොඳ නැහැ නේද

පසුකරන් යන සෙවනැලි පේනකොට
හරි හමන් දුකක් එන්නේ කී දෙනෙක්ටද
මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
දුවන් යන්නට බැරි අය කොච්චරද

6 comments:

  1. මඟහැරුණු තැන් පසුපසින් කෑගසනකොට
    දුවන් යන්නට බැරි අය කොච්චරද////
    පට්ට දිනිති අක්කෙ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ

      Delete
  2. ජීවිතේ මග ඇරුණ තැන් කොච්චරනම් ඇත්ද අක්කෝ.. ඒත් ඉතින් ආයෙම ඒ දේවල් ලබා ගන්න බැහැනේ..

    හිතට දැනුන කවි ටිකක්.

    ReplyDelete
    Replies
    1. අපි කාගෙත් මඟ හැරුණ තැන් අප්‍රමාණව ඇති මල්ලි ජිවිතේ...

      Delete
  3. Replies
    1. ස්තුතියි දේශක යෝ..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...