ඇපල්වත්තෙ මාගරට්ගෙ බාල දුවත් සීදේවියි
කුරුඳුවත්තෙ අස්වැන්නට හුඟක් පරාදයි
දහය දොළහ අතර රෑට නිතර නිතර බිසී වැටෙයි
හැපෙන රසය මස් පිරිලා කටු යට හින්දයි
ගාන මොනරු කී දෙනාද
ටැක්සි එකට හයර් දෙන්නෙ මාසෙ අඟට
පාන ලීලෙ කොයි වගේද
දස්සි ඇයයි දත් ගලවන ගජරාමෙට
තොල් සායම් නිය දේදුණු
රතට රතේ රතු කිකිළි
කුණු කාණුවෙ ගඳ වැහෙන්න
පැරිස් යනව හරි පුසුඹයි
ඕකි එක්ක මොන කතාද, යන්න එපා කිය කියා
එහා ගෙදර චන්ද්‍ර අක්කා රකුසු මුහුණ දික්කලා
පන්දාහයි හයදාහයි ගාන ඩබල් සැප අනුවයි
නාකි හිපොටු මනමාලයො නිතර නිතර සෙවල පෙරයි
"හිතේ ඇත්තෙ පත්තිනි" යැයි නිතර ගැයෙන තාලයයි
ගතේ ඉතින් "හොරිත් ඇතෙයි" පිටින් වහපු සෝබනයයි
පුතේ අනේ ඔය හැතිරිට අහුවෙන්නට එපා එපා එපා තමයි
අතේ සතේ නැතිම දාට කොයි කාටත් සීදේවිගෙ පිහිටමයි
ළමයි ටවුමෙ ඉස්කෝලෙට දාගන්නට
වීල් එකක් පාර්ක් එකේ ගාල් කොරන්ට
ණයක් ,අලුත් රස්සාවක් හදාගන්නට
කොයි කාටත් සීදේවියි ඉන්නෙ ළඟකට
"උලත් එකයි පිළත් එකයි ළමයි මොටද බන්
මාස දෙකේ, තුනේ බඩත් හිස් කරනව මන් "
වැඩකාරයො කොයි කවුරුත් දණ ගැහුවා බන්
කොහොම වුනත් සීදේවිත් අපේ එකෙක් බන්
ළැම පමණක් ලොවට පෙනෙන;
ReplyDeleteළය නොපෙනෙන ළදකගේ නූතන කතා වස්තුව...
පට්ට අක්කෙ... රිදෙන එකාට දැනෙන්නම ලියල තියෙනව..
ජයවේවා
බොහොම ස්තුතියි මල්ලියේ..
Delete"කොහොම වුනත් සීදේවිත් අපේ එකෙක් බන්" කොහොම වුනත් ඔය ඔක්කොමලා පෙ එවුන් තමා , අපි දන්නේ නෑ වගේ හිටියට
ReplyDeleteඒකනෙ ඉවාන්.. අපි ඔහේ නොදැක්ක නොදන්න ගානට ඉන්නවනෙ. ඒකයි දුක.
Deleteමුලින්ම බනින කෑ ගහන අයම තමයි ඉස්සෙල්ලම උදවු ඉල්ලන් යන්නේ.. ඒක ඉතින් හැටිනේ අපේ මිනිස්සුන්ගේ..
ReplyDeleteඅපොයි ඔව් මල්ලියෙ.. ස්තුතියි ගොඩක්ම.
Delete