Saturday, June 21, 2014

නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට


ප්‍රේමයේ වර්ණය හොයන නෙක සිරිය පිරි උයන් මැද
බංකුවක් වෙලා මං නොකියන කතාවක් නොදැක්කද
සිනහවේ බරත් සම කදුළු හා රසයක් අතර මැද
දන්නෙ කවුරුද ඉතින් මොනතරම් සැඟවුම් මා ළඟද

නිල්, රතු පාට කමිසම යති සති මැද සහ මුලට
සුදු කහ පාට යති පෝයට සහ සෙනසුරාදට
බිම බලා පොඩි ඇස් තියෙන මල් පිපෙයි ඉරිදාට
අනේ මගෙ ඇඟ රිදෙයි බර උසුලලා හැමදාට

මහන්සිය කොයිතරම් කීවත් අසන්නෑ කවුරුවත් කිසිමවිට
හාන්සිය විතරක්ම ඉල්ලනා හැටි යන එන බවක් නොකිවුවට
කොනිත්තන විට සමහරක් දිග නියපොත්ත අරගෙනම හයියකට
නාඩ ඉඳියත් මං ඉකි ගැසෙයි පෙනෙන දුර සිටිනා මගෙ සොඳුරියට

රැය එද්දි සියොළඟම මගෙ ගැහෙනවා එක සීරුවට‍
මහත උන්දලා අපුල්ලයි කුණු පිට උඩ පෝලිමට
කෙලෙහි ගුණ නොදන්නා උන් පයින් පාගා පදමකට
කෙළත් විසිකර යනෙන එක කොහෙන් ආවද උනුන්හට

එකම මල් විවිධ වෙස් ගෙන ඇදෙයි එලෙසට බඹරු එක්කම
"අනේ මෙහෙමත් ලෝකයක්" කියා යයි ඇස් මගෙ නළලටම
අතැර මැද යම් දුරක් තිබුණත් මගේ පෙම්වතිය සමඟම
කතාවෙයි මිනිස්සුන් කරන තරමක් රැවටුම තමන්ටම

උයන්පල්ලා විසිල් කරමින් ගැස්සෙනා උන් හදවතට
ගවුම් කර ඉස්සිලා යන හැටිත් පුදුමයි ඒ වෙලාවට
සියුම් තටු ගසමින් ඉඟිළිලා එන කුරුල්ලන් රෑනකට
නැවුම් බංකුව වෙමියි මං හැමදාම මිතුරු බෝතලයට

11 comments:

  1. බංකුවක සිතුවිල්ලක්...
    අපූරු සංවේදී නිර්මාණයක්...
    ලස්සනයි... ඒ වගේම හිතන්ට දෙයක් ඉතුරු කල නිර්මාණයක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ ඒ රසවින්දනයට.

      Delete
  2. ලාස්සන සිතුවිල්ලක්.. සමහර සමහර අත්දැකිම් මතක් වෙනවා කියවනකොට..සමාජයේ පුළුල් පරාසයක් පුංචි සිතිවිල්ලකින් සිතිවිල්ලකින් ගොනුකරලා වගේ. අදමයි මෙ පැත්තට ආවෙ... සුභපැතුම් අනාගතයට !

    ReplyDelete
    Replies
    1. හැමදාම එන්නකො නංගා.. බොහොම ස්තුතියි ඔයාට.

      Delete
  3. ලාස්සන සිතුවිල්ලක්.. සමහර සමහර අත්දැකිම් මතක් වෙනවා කියවනකොට..සමාජයේ පුළුල් පරාසයක් පුංචි සිතිවිල්ලකින් සිතිවිල්ලකින් ගොනුකරලා වගේ. අදමයි මෙ පැත්තට ආවෙ... සුභපැතුම් අනාගතයට !

    ReplyDelete
  4. අපූරුයි එහෙත් මම වැඩිය ආසයි සීදේවි ට ඒක නම් ලොකු දේශපාලන බරක් තියෙන කවියක්

    ReplyDelete
    Replies
    1. මං ඉතින් හිතෙන එකක් ලියල යන කෙනානෙ අයියෙ.. බොහොම ස්තුතියි අයියට.

      Delete
  5. මම කලකට ඉස්සර ඔය විදිහෙ කවියක් ලීවා
    පාට මිලින මල් විකසිත කම්බාය
    ඈත බඹරු සුවද දිදී කැන්දාය
    පාට පාට හීනෙට රොද බැන්දාය
    කාට දාව මුත් කැකුළක් පිපුණාය

    පාට උලාවත් රූබර ගත නොහෙනා
    පාර දිගේ මල් පෙති පෙති බිම හැලුණා
    ඉනූ කදුළු මල් ගහ මුල පොහොර වුණා
    බඹරු වටේ තව මල් කැකුළක් පිපුණා

    කෝම හොයන්නද මේ මල් පරවේණි
    පාරේ පිපී පාරෙම පර වී යාවී
    කාගෙ වැරද්දට පිපුණත් මල්මාලි
    සුවද බෙදන කොට ගහ දඩුවම් දේවි

    ReplyDelete
    Replies
    1. අයියගෙ නිර්මාණයත් හරිම ලස්සනයි.

      Delete
  6. දැන් ඉඳහිටලා නේද කිවි ලියන්නේ... කොහොමටත් ලස්සනයි මේ පද ගැලපිලි

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා.. දැන් හුගාක් දුරට ලියන එකෙන් දුරස් වෙලා. රැකියාවෙ අසීරුතා එක්ක අමාරුයි.
      අනික දැන් කවියක් ලිවුවම මිනිස්සු කවියෙන් බලනේනෙ ලිවුව එකා දිහා. එහෙම වුනාම කොච්චර වුනත් කළකිරෙනව.

      ස්තුතියි අයියා හුගක්ම.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...