පුරසඳට ආවඩන මඟියෙක්
තරු එළිය දැක බැන වඳිති
මට සිලිටු කම් ගිය දෑතකට
කඩු කිණිසි හුරුයි හරියට
කුසගිනි කාටත් පොදු දහම
ඇවිලෙන විටදි ඉවසනු බැරිම
මදුවිත හිස් කරන කුසලානම
කෙළ ගිලිති දුගියට හැමදාම
මැදුරු මන්දිර සීත කාමර
උකුසු ඇස් කැරකෙන අතර
ලපටි දළු එන මල් පොකුර
කඩති අතකොළු සිතා බොහොවර
කිරි පැණි එක්ක සුර යහන් මැද
තිර රෙදි වලින් සැඟවෙයි දුඟද
කුණු කානු පල්ලක තියෙන එළියද
බොඳ කර සිනාසෙයි විල්ලුද
සොබා දම් නියතිය මොටද
සබාගැබ් මැද තිබෙයි අවජාත
සදා මනදොල පිනයි සාරෙට
අපේ සුරපුර මෙයයි අසිරිය
අතකින් කිසිත් නොගනියි
යටකින් කුරුමාණ අපමණයි
"අඩෝ මං පුතෙක් අරයගෙ" කියයි
සාදු කියමින් එහෙයියන් නැමෙයි
පින් කරයි වෙහෙර බැබලෙයි
අනාගතයක පපු නහර දියවෙයි
වැරදිලා කොතනකට යන්නද
පැරදිලා පොඩි උන් පෙරෙසේම
කැරකිලා රුයිතෙට ඔය බඹර
අනේ යන්නේ නැතිද ආපිට
සිංහයෙක් කැණහිලෙක් කර
සදා වැජඹෙන සිරි අසිරි මේකද..?
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
සිංහයා දැන් කැණහිලාටත් වැඩිය අන්ත වෙලාද මන්දා අක්කේ.. මොනවා කරන්නද ඉතින්..
ReplyDeleteඑක නම් ඇත්ත මල්ලි. අපිට බලා ඉන්න වෙලා..
Deleteමේක තමා ඉතිං අසිරිය.. ආස්තැරිය..
ReplyDeleteදේශකයලගෙ ආශ්චර්යය තමා ඔය.. :-p
Deleteනූතන විගඩම් නොවැ...
ReplyDeleteවිගඩනුත් දැන් මොඩ් වෙලා...
අපූරුයි ටොක්ක...
රිදෙන්නම වදීවා
ජයවේවා
බොහොම ස්තුතියි මල්ලියේ...
Delete