Wednesday, March 26, 2014

අත් හැරුණ රෝස මල - අවසාන කොටස

_________________________________________________________
ඉතින් එදා ආච්චිලගෙ ගෙදර ගොස් පැමිණියට පසු මා උසස් පෙළට සුදානම් විය. ඒ හරියටම මැයි මාසයයි. වෙනද වගේම සුදු ඇදුම පිටින් පුස්තකාලයට ගොස් නිසවට එන්නේ අයියාගේ බසයෙනි. නිවසින් බසින තැනට එනකම් වචන දෙකක් තුනක් කතා කරනවා හැර වෙන කිසිවක් අපට නැත. සිහිනයියාද මගේ විභායට මා සැනසුමින් තැබුවේය.

ඉදින් හඳිසියේම පුස්තකාලයට ගොස් මා නිවසට ඒමට අයියාගේ බසය සෙවු මුත් ඒ වෙලාවට ඊට පසුව යන බස් රථය තිබුණි. හදවතෙහි සියුම් තිගැස්සමක් ඇති නොවුනාම නොවේ. හෙමින් හෙමින් ඒ බසයේ කොන්දොස්තර ළගට ගොස්,

අයියෙ සිහිනයියලගෙ බස් එක ගියාද...

ආහ් නංගිනෙ අද සිහිනල දිවුවෙ නැහැ නංගි

අර මොකෝ..මා සැනින් බිරාන්ත විය.

සිහිනලට පොඩි කරදරයක් වෙලා..

මොකක්...

ඔව් නංගි...කලබලවෙන්න දෙයක් නැහැ..

හරි මොකක්ද කියන්නකො අයියෙ

විශේෂයක් නැහැ නංගා..ඔයාට සිහිනම කියයි.

මට කියන්න බැරිද අයියා..

නංගිට කියන්න එපා කිවුව. එයාම කියන්නම් කිවුව. අනිද්ද දිහාට බස් එක පාරට දායි. සිහින එනව කිවුව ඔයාව මුණ ගැහෙන්න

එන්න මේකෙ යමු නංගි.

සිහිනයියාගෙ මිතුරා එහෙම පැවසුවත් මා සිටියේ දොලොවක් අතරය. වෙනදා පුරුද්දට නිවස ගාවින් බැස්සත් කොහොම ආවාද කියාවත් මට මතක නැත.

නිවසට එනවිට අම්මා නිවසෙහි නොසිටි එකම මට සැනසිල්ලක් ගෙනාවේය.

මා ඇදුම්වත් මාරු නොකර ඇදට වි කල්පකා කළෙමි.


බසයත් පාරෙ නොදුවන්න තරම් කුමක් සිදු වුවාද...මා දස අතේ සිතුවක් කිසිවක්ම කල්පනා නොවුණි. 

______________________________________________

වෙහෙසකර සහ දුෂ්කරම දින දෙකක් ගෙවා අවසන ඒ දිනය උදා විය. සෙනසුරාවක් වූයෙන් මා උදෑසනම අවදි වී පෞද්ගලික පන්ති යන්න පෙර සුදානම් විය.  උදේ 9. 00 ට පමණ ගෙදර ටොමියා එක දිගටම බුරනවා ඇසී අම්මා එළියට බැස බලද්දි මා කාමරයේ ජනේලයෙන් එබී බැලුවෙමි.

ඒ අරුණැලි වැටී පැය කිහිපයක් ගිය වේලෙහි අපේ නිවසම සොයාගෙන ඇවිත් තිබුණේ සිහිනයියාය. ඔහුගේ හඳිසි පැමිණීම මා උන් තැනින් ඉඹේටම නැගිට්ටුනි. අම්මා මේ කිසිවක් දන්නෙ නැත. මට මියෙන්නට තරම් බයක් නොදැනුණා නොවේ.

කාවද බලන්නෙ

මේ නිම්මි නංගිලගෙ අම්ම නේද...?

ඔව්.

මං අම්මව හමුවෙන්න ආවෙ

එන්න ගෙට එහෙනම්.....නිම්මියේ කේතලේට ගින්දර ටිකක් දාපන්

ඒ අම්මාගෙ විධානයකි.

කේතලේට ගින්දර මගේ පපුවේ බව අම්මා දන්නෙ නැත. ගැහෙන දෙපා අද්ද අද්දා මං කුස්සියට ගියෙමි. එහෙත් කණ සාලයේය. 

දැන් මේ ළමය කොහේ ඉදන්ද ආවෙ

මං ඉද්දගොඩ අම්මෙ.. මතුගම ඉද්දගොඩ..

ආපු කාරණේ...

මං ආපු කාරණේ එකපාරටම කියන්නම්කො අම්මෙ. මං නිම්මි නංගිට ආදරෙයි. එයත් මට කැමතියි. අම්මගෙන් ඒ ගැන අහල කතා බහ කරගන්නයි මං ආවෙ. 

හපොයි ළමයො නිම්මි තාම ඉස්කෝලෙ යනව. හෙට අනිද්ද විභාගෙ ලියන්න ඉන්න එකි. 

ඒ සේරම මං දන්නව අම්මෙ. අද හෙට නෙමෙයි. ඒත් අම්මට කියන්න ආවෙ. මොකද මගෙ ගෙදරත් මං විතරයි. ගැහැණු ළමයෙක්ගෙ අවශ්‍යතාව ගෙදරට දැනෙනව.

බැහැ ළමයො. ඒකට කොහොමවත් කැමතිවෙන්න බැහැ. අවුරුදු 20 ක්වත් නැතිව ඒකිව බන්දන්න මගෙ අදහසක් නැහැ.

විස්සෙන් බැන්දත් තිහෙන් බැන්දත් වෙනසක් නැහැනෙ අම්මා.

කෝ නිම්මියෙ වතුර එක රත් වෙලාද..

අම්මා කතාව වෙනතකට යවන්න හැදු බව මට නොවැටහුණා නොවෙයි. එහෙත් ඇයට එරෙහිව යන්න මට පුලුවන් කමක් නැතිබව මා දනිමි. සිහිනයියාගෙ මුහුණ බැලිමට මට සාලයට යන්න හිතේ. එහෙත් අම්මාගේ ප්‍රතිචාරය හමුවේ මා අසරණවෙන තරම දන්නේ මාම පමණකි.

කෝ තේ එක හැදුවද?

අම්මා කුස්සියට ඇවිත් අසනවිට මා ගැස්සුණි.

හිටපන් ඒ ළමය යනකම්. 

මගේ කණට කර අම්මා කියුවේය. දැන් මට හොද හැටියට බැනුම් අසන්නට වෙන බව මා දන්නෙමි. 
තේ එකද සාදාගෙන අම්මා කුස්සියෙන් ගිය විට මට මහා හයියෙන් හඩන්නට සිතුණි.

මේ ළමයට තේ ටිකක්..

නෑ අම්ම එපා මං යන්නම්. මං කිවුව දේ ගැන අම්ම පස්සෙ කල්පනා කරන්නකො.

පස්සෙ කිවුවත් දැන් කිවුවත් වෙනසක් නැහැ. ඒක අත් ඇරල ඔය ළමය වෙන වැඩක් බලාගන්න. 

මා දිවුවා නොව දිවුනි එකපාරටම.

අනේ අම්මා.....කියා ඇගේ අතින් ඇල්ලුවෙමි.

අර බල්ලව පිටුපස්ස පැත්තට ගෙනියපන් නිම්මියෙ මේ ළමයට යන්න..

අම්මාගේ ඒ හැසිරිම මා තුෂ්ණිම්භූත කළෙමි. එකතකින් කඳුළු පිසිමින් මා එතනින් නික්මුණි.

යන්නම් නංගි

සිහිනයියා කියනවා මට ඇසුණි. හිස උස්සා බලන්නට බැරිව 

"හා අයියේ" යැයි මට උගුරින් කියවුණි.

___________________________________________________

සිහිනයියා ඇවිත් ගිය පසු මට අම්මාගෙන් අසන්නට ලැබුණ බැනුම් ගැන කිව යුතු නැත. මට අමතර පන්ති යාමද තහනම් වුනු අතර කොහේ හෝ යතොත් කවුරුන් සමඟ හෝ යැමට මට සිදුවිය.

කාලය ගෙවී ගොස් මා විභාගයද ලිය ප්‍රථිපලද පැමිණ තිබුණි. සරසවි වරම් ලබා තිබුණත් නිවසේ දුෂ්කරතා මත මා එය සිතින් අයින් කළෙමි.  රැකියාවකට යාම සඳහා මා සුදානම් වුනෙමි. 

අම්මාටද පහුගිය සිද්දි අමතකව ගොස් තිබුණ බැවින්දෝ මට තනියම යන්න ඉඩ කඩක් තිබුණි. වෙනද වෙලාවට සිහින අයියාගේ බසය පැමිණියේ නැත. 

එහෙත් එදා වගෙම ඔහු දන්න කියන මා දන්න කියන ඔහුගේ මිතුරෙකුගේ බසයක් එනතුරු සිට එහි සිටි ඔහු හා මා දොඩමළු විය.

ඒ දවස්වලම සිහිනගෙ තාත්ත නැති වුනානෙ නංගි. ඉස්පිරිතාලෙනෙ අන්තිම දවස්වල ඉදියෙ.

මගේ මතකය වේගේ එදා මතුගම ගිය දිනයට ආපස්සට ගියෙමි. සිහිනයියා ඔහුගේ පියා රෝහලේ බව මට කිවු බවත් මතක් වුනි.

ඒ කොයි කාලෙද අයියෙ තාත්ත නැතිවුනේ...

දැන් නම් මාස 5කටත් වැඩියි නංගි. 

ඒ කියන්නෙ සිහින අයියා දින දෙකක් පමණ බසය වැඩ කලේ නැත්තේද ඊට පසුව අපේ ගෙදරට පැමිණියේද ඔය කාල වකවානුවල බව මට වැටහුණි. නිවසට එකම දරුවා වු ඔහු මා කැන්දාගෙන යන්නට කැමති කරගන්නට හිතන්නට ඇත්තේ එහෙයිනි. 
අනේ මගෙ සිහිනයියා.

දැන් සිහිනයිය කෝ අයියෙ

සිහින මැරි කලා නංගි. එයාලගෙ අම්ම ප්‍රොපෝසල් එකක් කතා කලා. 

මගේ දෙපා සීතල වී මට මාවත් රා සිටින්නට බැරි තත්වයක් ඇති විය. හයියෙන් හුස්ම ගනිමින් මේ මතක පිරි නගරයද...උපන් රටද දමා යන්නට මා එම මොහොතේම සිතාගත්තෙමි.


හිමි අහිමි කම් මැද
වැරදිලා අපි දෙපසකය
දිවි ගමන යනෙන මුත්
මතක හදවතෙ තදය.

 පලමු කොටස  මෙතනින්

දෙවෙනි කොටස  මෙතනින්

( මෙය මා විසින් මීට වසර හයකට හතකට පමණ පෙර ලියූවකි. )

මට කතාව ලියා තිබුණ පොත් පිටු ටික හමුවුවාට එය ටයිප් කිරිමට සිදු වු ප්‍රමාද දෝෂය ගැන කිසිවක් නොසිතන්න...  :-p :-D


6 comments:

  1. දුක හිතෙන කතා කියන්න එපා අක්කෝ :(

    හිතට මේ තරම් දුකක් දැනෙනවා කියන්නේ ඔයා නිර්මාණය අතින් සාර්ථකයි :)

    ReplyDelete
  2. මට කොටස් තුනම මිස් වෙලා.. මං හිතන්නේ අර මට අවුල් දවස් වල තමා දිනිති මේක ලියල තියෙන්නේ. ඉතිං කොනක ඉදල ඔක්කෝම කියවන්න උනා..

    සිහිනයියා සිහිනෙන් වත් නොපේනේවා..

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව් දේශකයො...සිහිනයියගෙ මතක හදවතේ ඇලිල. ඒකයි අවුල.

      Delete
  3. හනේ අක්කේ :( ඉතිං අර කෙල්ල පව් නේ :(

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි නංගා. සමහර සිද්ධි සිද්ද වෙන හැටි තමයි. ඒ... :-)

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.