කිරි බර ඇවිත් ලැම පිරිලා දූ නොදනී
හරි පහසුවට කුස තුළ රැදෙමින් ඉන්නී
මැරි මැරි ඉපදෙනා සිතුවිලි නැහැ දන්නී
ලොව නුඹ දුටු දාට මව් වනචර ගෑණී...
දඩමස් වෙලා කෙනෙකුගෙ ඇට ලේ රිදෙන්නේ
පිරිපත වෙලා දිවි බර නැහැ ඔහු දරන්නේ
කැඩපත ළඟදි හදවත ඉකිබිඳ හඩන්නේ
ජීවිත ගමනෙ නැහැ දුවෙ විස්තර කියන්නේ...
සුන්කර ගන්න බැරි පැතුමන් පිරෙන්නේ
මාපිල් පිඹුරු එක්කම පොර බඳින්නේ
සමනල් හැඟුම් නැහැ සිත තුල නැගෙන්නේ
කරදර එක්ක උඹ කුස තුළ වැඩෙන්නේ...
ගැබ්බර කුස අත ගගා නුඹ කුමරිය යැයි සිතන්නේ
දුක්බර නුඹට පිය පස නැහැ කිසි දිනකදි ලැබෙන්නේ
පෙම්බර දියණියේ දරුපෙම හිත ළඟ මේ රකින්නේ
අම්ඹර මැදක හිනැහීයන් එපමණමයි කියන්නේ...........
deparakma kiyewwa.
ReplyDeleteතුති බොහෝ...
Deleteඔබේ කවිකාර කම නම් අසම සමයි..
ReplyDeleteස්තුතියි නලින් ගොඩක්ම.
Deleteහරියට මේ කතාව මේ දවස්වල වෙසක් තොරණවල තියෙන කතාපුවතක් වගේ.
ReplyDeleteහානේ..ඇත්තම නේන්නම්...මට මේ අහම්බෙන් හිතට ආපු සිතුවිල්ලක්..
Deleteබොහොමත්ම ස්තුතියි ඔබට.