Monday, May 6, 2013
*** යශෝවුනි මගෙ ***
මේ මහා සංසාර වන්දනාවේ
ගම් දනව් පසු කරන් ඇවිදන්
අදත් මේ භවයෙ අත්වැල
උරුම හිමිකම ගත් යශෝවුනි...
සා පිපාසා දැනෙන කතරක
මහා සයුරක් වෙලා නවතින
වා සුළං වැහි තියෙන විටකදි
උණුසුමින් රකින පින යශෝවුන්ටයි...
අවේලේ වේලේ නොසිතාම
කිසි ජුගුප්සාවක් නැතිවම
ඡායාව වෙලා මගෙ ළඟම
රැදෙන පින ඇති මගෙ යශෝවුන් හට...
සේද සළුපිළි පලඳනා කිසිවක්
නොඉල්ලා ප්‍රපාතය හිත පුරා
සෝදිසියෙන් අත පත ගගා
සරුම අස්වැන්න දෙන පින යශෝවුන්ටය...
ලේන පැටවුන් අරන් උකුළට
මිහිරි වස්ඳඩු රාව පතුරන
අප්‍රමාණික මහද සිහිනම පාටකරනා
තුටක අයිතිය මගෙ යශෝවුන්ටය...
පෑළදිග කිසි දිනක මුදුන් නොමවන
හදවතේ ප්‍රභාෂ්වර හිරු මඩල
සසර බිත මත නොමැකෙනම ප්‍රේමයේ
අක්ෂර ලිවුව මෙහෙසිය යශෝවුනි මගෙ....
රුවන්මය ඔය හද මැදුරෙ
තිර අදිටනේ බල මහිමෙ
බුදුවෙලා එනතුරා නොසොල්වා
අභිවන්දනයට තියා ගනුමැන යශෝවුනි.....
_________________දිනිති_______2013/05/06_____
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
බොහොම හෘදයංගමයි...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට...
Deleteඒ යශෝ කොහිබටද ........
ReplyDeleteස්තුතියි කසුන් හුගක්ම...
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසුබ වේවා මල්ලියෙ............
Deleteහැමදාම වගේ ලස්සන කවි පෙලක් අක්කියෝ....
ReplyDeleteබොහොම ස්තුතියි දරුවො...
Delete